ඔහු සඳහන් කලේ සෑම ආගමකටම ගරුත්වය ලබා දිය යුතු බව ත් ජනතාව එකතුකරගෙන සහයෝගයෙන් කටයුතු කිරීම සදහා වර්තමානයේ යහපාලනය මගින් කටයුතු කර තිබෙන බවයි.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් රැසක් ද සහභාගී වුයේය. මේ අතර දකුණු සහ ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.