subash
මත්තල දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා පසුගිය ආණ්ඩුව ගත් ණය මුදල වෙනුවෙන් මසකට රුපියල් මිලියන 250 ක් ගෙවීමට සිදුව තිබේ.
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරි සති දෙක ඇතුළත කොළඹ මහාධිකරණයේ අධි චෝදනා පත්‍ර භාර දෙන බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
'' මා ඉදිරියේ සිටියේ ඉතිහාස ගත මිනිසෙකි. ඔහුගේ මතවාදය හා ක්‍රියාවලිය ගැන විවිධ විග්‍රාහයන්, විවේචන තියෙන්න පුළුවන්. එහෙත් ඔහු ඉතිහාස ගත මිනිසෙක්. මම කියුබාවට පැමිණියේ එම මිනිසා බැහැ දැකීමට.''
මාධ්‍ය ආයතනයක ප්‍රධානීයෙකු ලෙස කටයුතු කරන දිලිප් ජයවීර මහතාව මේ වන විට මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට කැඳවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හෙට (15) කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබිමට නියමිතය. සියලු සංශෝධනවල ඇතුළත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විටත් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත භාරදී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනතා විමුක්‌ති පෙරමුණ මීළඟ මහ මැතිවරණයේදී සීනුව ලකුණින් තනිව තරග කරන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 දා) සඳහන් කළේය.කිසිදු දේශපාලන පක්‍ෂයක් සමඟ සන්ධානගතවීමට කටයුතු නොකරන බවද හෙතෙම කියා සිටියේය.
රගර් ක්‍රීඩක මොහොමඩ් රෆීක් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වූ මරණ පරීක්ෂණ වාර්තා හා ඊට අදාළ ඡායාරූප රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන ස්ථානාධිපතිවරයාට හා අධිකරණයට භාර දෙන්නැයි අධිකරණ වෛද්‍ය නිලධාරීන් සිවු දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13) නියෝග කළේය.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සහ භාවිතය කැපී පෙනෙන ලෙස අඩුවී ඇතැයි පොලිසිය පවසයි. පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ දිගින් දිගටම සිදුකරන වැටලීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන පෙලේ සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීම මීට හේතුවී ඇති බවයි.
පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතට. මහින්දගේ තවත් දළක් කැඩෙයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ මහ මැතිවරණයෙන් පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
පරාජයෙන් පසුව පැත්තකට වී නොසිටීම නිසා පජාත වී සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ගෙන යන කුමන්ත්‍රණකාරී මෙහෙයුමට චීන රජයෙන්ද ආධාර උපකාර ලැබෙමින් තිබේ.
