subash

subash

බැඳුම්කර නිකුතුවත් සමඟ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු මිණැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂවරයාට ඊයේ (25) ඒපිළිබඳ ලිපි ගොනුවක් භාර දුන්හ. කොළඹ කොටුව පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යාලයට ගිය හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රධාන හිටපු ඇමැතිවරු පිරිසක් මේ පැමිණිලි ඉදිරිපත් කළහ .

වැලිකඩ බන්ධනාගාරයට හමුදා අනුකණ්ඩායම් ඇතුළත් වී එහි සිටි සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම සහ තුවාල සිදුකිරීම පිළිබඳව සොයාබැලීමට පත්කළ ස්වාධීන කමිටුවේ පරීක්ෂණ අවසන් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ආණ්‌ඩුවේ සිටින එක්‌සත් ජාතික පක්‍ෂ මැති ඇමැතිවරුන් 07 දෙනකු ළඟදීම විපක්‍ෂයට එක්‌වීමට නියමිතය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය යටතේ විමර්ශනවලට මුහුණදුන් පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා පත්‍ර ගොනු කෙරෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

උතුරේ කොටි කොඩි නැවත ඔසවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය 19 දා කඹුරුපිටියේදී කළ ප්‍රකාශය ජනවර්ග අතර විරෝධය සහ මහජන කැලඹිලි ඇති කිරීමට තුඩු දෙන්නක් වන හෙයින් අපරාධ නීතිය යටතේ ඔහුට එරෙහි ව කටයුතු කළ හැකි බවට නීතිවේදීහු පවසති.

මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ දී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට පොදු ව්‍යාපාර ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝප්) යටතේ අනු කමිටුවක් කතානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (22) පත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාට එරෙහිව නැගී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම නීතිපතිවරයා පෙරේදා අත්හිට වූයේය. අදාළ මන්ත්‍රීවරයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කැර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිසිය වෙත නිකුත් කැර ඇති නිවේදනයට අනුව නීතිපතිවරයා මෙම පියවර ගෙන ඇත.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළුව යාපනයේ උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කෙරේ.

ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම සඳහා දැරු සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් පසුව ඒ වෙනුවට තම පවුලේ හිතවතකු හෝ ඉදිරිපත් කිරීම සඳහා මේවන විට සැලසුම් කරමින් සිටී.

කොළඹ නගරයට ආසන්න මුහුද ගොඩ කොට, හෙක්ටයාර් 230 ක වපසරියෙන් යුත් පෙදෙසක යෝධ වෙළඳ මධ්‍යස්ථානයක් ගොඩනැගීමට සැලසුම් කෙරුණු ව්‍යාපෘතිය, 2015 මාර්තු මාසයේ සිට අත්හිටුවා තිබේ. ‘චීන සංදේශන ගොඩනැගීම් සමාගමේ’ (සී.සී.සී.සී) මූල්‍ය ප්‍රතිපාදන මගින් ගොඩනැගීමට සැලසුම් කොට ඇති මේ ව්‍යාපෘතිය ගැන, සිරිසේන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, විශේෂයෙන් එම ආණ්ඩුවේ අවසරය ඒ සඳහා ලැබී ඇතැ යි එහි මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කී අවස්ථාවේ සිට, බොහෝ ලිපි ලියැවී තිබේ.

Connet With Us