subash

subash

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක මහතා ලබන ජුනි 16 වන දින සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් අනතුරුව පුරප්පාඩුවන ගුවන් හමුදාපති තනතුර සඳහා කිහිප දෙනෙකු අතර තරගයක් නිර්මාණය වී තිබේ.

තමා ජනාධිපතිවරණයෙන් බලයට පත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමා අතට ගැනීම තමාගේ අරමුණක් වන බව, දින 100 වැඩ සටහන තුළ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සඳහන් කොට තිබූ බවක් අප දැක නැත. ජනාධිපතිවරණ වේදිකාවේ කිසි අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන එවැන්නක් කියනු අප අසා ඇත්තේද නැත.

මෙම වසර අවසානයේදී සියලූම ශ්‍රීලාංකිය ඩයස්‍පෝරා සංවිධාන මෙරටට ගෙන්වා ඩයස්‍පෝරා සැණකෙළියක් පැවැත්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ මහත්මිය ප්‍රකාශ කළාය.

බුද්ධිමත් නායකයකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට තමන් කිසිදු සහායක් නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා අස්ගිරි මහනාහිමියන් හමුවෙහි පැවසුවේය.

මට පෙනෙන්නේ දෙගොල්ලෝම මහ මැතිවරණයක් පවත්වනවාට බිය බව යැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කීය.

මහින්ද රජපක්ෂ මහතා ශ්‍රී ලනීපය දෙකඩ කරමින් ආණ්ඩුව පවත්වාගෙන යාම අවුල් කිරීම සඳහා කුමන්ත්‍රනකාරී ක්‍රියාවන් හී යෙදෙන්නේ රටේ ජනතාව තමන්ට බන්දේසියක තබා අගමැතිකම ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරති.

ඉන්දියාවේ විද්‍යා පුනර්ජීවනයේ ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් මහතා ජුනි මස 26 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පසුගිය සතියේදී නව නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන් සිව්දෙනාට අද පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහරයකින් මරුමුවට පත් හිටපු ඇමැති සීවී ගුණරත්න මහතා ගේ අනුස්මරණ උත්සවක් පවත්වමින් හිටපු ජනාධිපතිවරයා යළි ජාතිවාදී බේදීම වර්ධනයවන වෛරීසහගත ආකාරයේ මුග්ධ ප්‍රකාශයක් කිරීමට තරම පහත් තත්වයකට ඇද වැටී ඇත.

ඉතාමත් බිහිසුණු ලෙස පිළිකා රෝගය උතුරුමැද පළාත පුරා පැතිරෙනවා. 2014 වසරේ පමණක්‌ හඳුනාගත් පිළිකා රෝගීන් සංඛ්‍යාව 1116 ක්‌. වසරින් වසරම මේ තත්ත්වය වැඩිවන නමුත් වැඩිවන ප්‍රමාණයට පිළිකා ප්‍රතිකාර අංශයේ පහසුකම් නැතැයි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය තුෂාරි හපුආරච්චි මහත්මිය ශ්‍රී ලංකා පිළිකා සංගමයේ රැස්‌වීමට එක්‌වෙමින් මේ කරුණු අනාවරණය කළාය.

Connet With Us