subash

subash

නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායකවරයා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පිළිගෙන ඇතැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) පැවසීය.

දේශපාලනයට එන්ට කලින් යමෙකුට තිබූ වත්කම් සහ දේශපාලනයට ඒමෙන් පසු එම තැනැත්තා සතු වත්කම් සසඳා බලන්න. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසුරුවා හැරිය යුතු යැයි ඔබ නිර්දේශ කරනු ඇත. ඊළඟට, කෙනෙකු දේශපාලනයට එන්ට කලින් ගත් ඡායාරූපයක් සමග දේශපාලනයට ඒමෙන් පසු ගත් ඡායාරූපයක් සසඳා බලන්න. ඒ දෙවැනි ඡායාරූපයේ ඉන්නේ, බෙල්ල පිම්බුණු, බඩ ඉදිමුණු, ඇඟ ඈරූ යෝධයෙකි. එය ආරය අනුව ඇති වූ වෙනසක් නොව, චාරය අනුව ඇති වූ වෙනසකි.

මහ බැංකු අධිපති අර්ජූන් මහෙන්ද්‍රන් මහතා, ආන්දෝලනයකට තුඩු දුන් භාන්ඩාගාර බැඳුම්කරයට සෘජුවම දායක වී ඇති ඇති බව ඊට අදාලව පොදුව්‍යාපාර පිළිබඳ ගිණුම් කාරක සභාව (COPA) විසින් තීරණය කර ඇති බව වර්තාවේ.

හිටපු ජනාධිපතිවරයකු වන ඩී.බී. විජේතුංග මහතා කලක් පදිංචිව සිටි නිල නිවෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිහරණය සඳහා දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින බවත්, ජනාධිපතිතුමා එම නිවෙසේ පදිංචියට ගිය පසු දැනට එතුමා පදිංචිව සිටින නිල නිවෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන බවත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නායකත්වය සම්බන්ධ අර්බුදයක් කෘතිමව නිර්මාණය කිරීමේ සැලසුමක් පවතින බව ශ්‍රි ලනීප ආරංචි මාර්ග පවසයි.

පදික වේදිකාවේ වෙළෙඳාම් කිරීමට ඉඩ නොදෙන ලෙසට ජනාධිපතිවරයා තමාට නියෝග කළ බව කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.

නාවික හමුදාවේ කමාන්ඩෝ භටයින් ළමයින් පැහැරගෙන ගොස් රඳවා සිටි බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැන සිටිය බවට තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දෙමින් ඊයේ (23) පැවැසීය.

පසුගිය 19 වන සිකුරාදා නිකුත් කළ රජයේ ගැසට් පත්‍රය අනුව තවමත් මෙරට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ගාල්ල පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගිය ඇවන්ගාඩ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති මහතා විදේශ ගතවීම කෙරෙහි රහස් පොලිසියේ කිසිදු විරෝධතාවක් නොමැති බවට දැක්වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, සිය ව්‍යාපාර කටයුතු සඳහා සේනාධිපති මහතාට මාස 03ක කාලයක් විදේශ ගතවීමට ඊයේ (22දා) අවසර ලබා දුන්නේය.

“අපේ රටේ ජීවත්වන පුරුෂයන් සමග ලිංගික සබඳතා පවත්වන පුරුෂයන් අතර කාන්තාවන් ලෙස හැඩවුණු පිරිමි අය ඉන්නවා. ප්‍රාථමික සමාජයක මිනිසුන් මෙන් ඔවුන් විහිලු තහළුවලට ලක් කරනවා. විරුද්ධ ලිංගික සබඳතා පවත්වන පුද්ගලයන් සමලිංගික සබඳතා පවත්වන පුද්ගලයන්ට බැණ වදිනවා. අපහාස කරනවා. සමලිංගිකත්වය සාමාන්‍ය මානසිකත්වයක්” මේ ප්‍රකාශය මා උපුටා ගත්තේ UNAIDS ආයතනයේ ශ්‍රී ලංකා කළමනාකරු වෛද්‍ය දයානාත් රණතුංග මහතා ජනමාධ්‍යයට කළ ප්‍රකාශයකිනි.

Connet With Us