subash
නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීමටත්, මීළඟ මහ මැතිවරණයට පසුව පැවැත්වෙන මැතිවරණ සඳහා නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවටත් එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබේ.
“සාමය කියන වචනය පිටුපස එදා ආවේ බෙදුම්වාදය. අද සංහිඳියාව සහ යහපාලනය පිටුපස්සේ එන්නේ බෙදුම්වාදය. සාමය, තවලම, සුදු නෙලුම, ගඩොලින් ගඩොල යන වචන භාවිත කොට මේ රටේ ජනතාවගේ උරුමය නැති කළ අය ම අදත් සංහිඳියාව, යහපාලනය කියන වචන භාවිත කරනවා.”
පාර්ලිමේන්තු නොව, පළාත් සභා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරන්න - ලසිල් ද සිල්වා
අපේ පාර්ලිමේන්තුව, සර්වජන ඡන්දයෙන් සමානුපාතික ක්‍රමයට තෝරාගන්නා මන්ත්‍රීවරුන් 225 කින් සමන්විත ඒක-මණ්ඩල සභාවකි. මේ සංඛ්‍යාවෙන් 196 දෙනෙකු තෝරා ගැනෙන්නේ සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ ය. තව සමාජිකයන් 29 දෙනෙකු ජාතික ලැයිස්තුවකින් පත්කෙරේ. එම ප්‍රමාණය ඒ ඒ දේශපාලන පක්ෂ මහ මැතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට සමානුපාතිකව බෙදා හැරේ.
උතුරු මැද පළාත් සභානායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා මීට සුලු මොහොතකට පෙර පොලිස් මුල්‍ය චංචා විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) මහින්ද සමඟ නැගිටින රැළිය පැවැති මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණය අතුරු සිදු නැතිව පුරවා ගැනීමට රාජපක්ෂවාදීන්ට හැකිවිය. තමන්ගේ උපරීම හැකියාව යොදවා එලෙස එක්කර ගත් ජනගහනය දසදහසකට ආසන්න විය.
ශ්රීලනීපයේ සියලුම මන්ත්‍රීවරුන් මෛත්‍රීගෙන් නාමයෝජනා ඉල්ලලා
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට ඉල්ලුම් කර ඇතැයිද නාමල් රාජපක්‍ෂ මහතා ද නාමයෝජනා ඉල්ලා ඇතැයි ද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අද දින දිනමිණ පුවත්පතේ පළවී ඇති පුවතකට අනුව නොරොච්චොලේ බලාගාරය සඳහා පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් වැය කළ මුදල සම්බන්ධයෙන් අවුල් සහගත ප්‍රකාශයක් පළව ඇත. එම පුවතේ සිරස්තලයට අනුව නොරොච්චෝලේ බලාගාර ව්‍යාපෘතියෙන් රාජපක්ෂ රෙජීමය විසින් ගසා කෑ මුදල "ඩොලර් මිලියන 15"කි නමුත් ඒ ගැන පුවතේ කිසිදු තැනැක සඳහන් නොවේ.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් අද (12 වැනිදා) පෙ.ව. 10.30 ට පැවැත්වේ.
තමා පසුගිය කාලේ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය නොකළේ එදා ජාතික රූපවාහිනියේ සිටි සංවිධානාත්මක කල්ලියකට කප්පම් දීමට තිබූ දැඩි අකමැත්ත නිසා යෑයි ප්‍රවීණ සිනමා නිළි පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනී ෆොන්න්සේකා මහත්මිය පැවසුවාය.
දෙමළ ඩයස්පෝරා සමුළුවක් පැවැත්වීම නීති විරෝධියි - පාඨලී
ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක් බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11 වැනිදා) පැවසීය.
