subash
යුරෝපිය දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් සමඟ දකුණු අප්‍රිකාවේ In Transformation Initiative (ITI) යන රාජ්‍ය නොවන සංවිධානය මෙරට රජයේ නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව දෙමල ඩයස්පොරා සංවිධාන අතර ගැටුම් උග්‍ර අතට පත්ව තිබෙන බව වාර්තාවේ.
කැබිනට් අනුමැතිය හිමිවූ විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දුව පාර්ලිමේන්තුව විසින් ගත යුතු බවට අද (09) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.
හම්බන්තොට වරාය ඉදිකිරීමට පවත්නා පොළියට වඩා ඉහළ පොළී අනුපාතිකයකින් විදේශ ණය ලබා ගැනීම නිසා වසරකට රුපියල් බිලියන 02 ක පාඩුවක් විඳීමට සිදුව ඇතැයි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවේදී අද (09) අනාවරණ කළේය.
වික්ටෝරියා ගැන කතා කරන්න අනුරට සුදුසුකම් තියෙනවා - මොහාන් රාජ් මඩවල
බෝදිලිමාගෙන් පටන් අරගෙන වික්ටෝරියා දක්වා සාහිත්‍යයේ ලිංගික දේශපාලන පහුරු ගෑමක නියැලුණු මොහාන් රාජ් මඩවලගේ සාහිත්‍ය කෘති අරඹයා වූ පැතිකඩ තුනකින් කෙරෙන සාකච්ඡා සභාවක් හෙට (10 ) දින පැවැත්වේ. මේ ගැන මොහාන් සමඟ කළ කෙටි කතා බහකි මේ.
මුලින්ම ගෙන ආ යුත්තේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයද නැතහොත් විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සන්ධාන පක්‍ෂ නායකයන් අතර අද (9 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිපත් ව තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ කෙටුම්පත් යෝජනා කිහිපයක් අතරින් අද දින කැබිනට් අනුමැතිය ලැබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට බව දැන ගැනීමට තිබේ.
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරතිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කිරීම සඳහා අද දින සවස හදිසියේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
තමාව ජුනි මස 12 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා කැඳවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
සිය ෆේස්බුක් ගිණුමට අදහස් දක්වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තමන්ව එසේ කැඳවීමට හේතුව කුමක්දැයි යන්න දැනුවත් කර නැති බවයි.
ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාෂයකට තරග නොවැදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ. මැතිවරණ කොට්ඨාෂයකට තරග වැදීමෙන් තමන්ට දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව රාජපක්ෂ මහතාගේ මතය වී තිබේ. තමන් ඉලක්ක කරගෙන දූෂණ වංචා අපරාධ චෝදනා සෘජුවම එල්ලවිය හැකි බවත් එහිදී ඊට තනිවම මුහුණ දීම අපහසු හා අවාසි සහගත බවත් ඔහු පෙන්ව දී ඇතැයි වාර්තාවේ.
කුමන්ත්‍රණ නොකර, හැකිනම් ඡන්දයකින් ආණ්ඩුවක් පිහිටුවන්න - රනිල්ගෙන් අභියෝගයක්
මහ මැතිවරණයකට පැමිණ ඉන් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට ඊයේ (7) අභියෝග කළේය.
