subash

subash

අච්චාරුවක් වී ඇත්තේ ආණ්ඩුව නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ මොළය බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. පසුගිය දා කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී සරත් නන්ද සිල්වා මහතා කළ විශේෂ දේශනයක දී වත්මන් ආණ්ඩුව අච්චාරුවක් යැයි පළ කළ අදහස් පිළිබඳව ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා නොදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පවසා තිබේ.

පැරදී ගෙදර ගිය හිටපු ජනාධිපතිවරයා සහභාගි වන බෝධි පූජා සංදර්ශනයක් වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලනිප පාක්ෂිකයන් වෙත යවා තිබෙන ලිපියක දැක්වෙන්නේ "අපගේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා"සහභාගී වන බෝධි පුජා පිංකමක් ගැනය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීම සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කිරීම යන කරුණු දෙකින් ප‍්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමන කාරණයටද යන්න සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ බරපතළ මත ගැටුමක් ඇති වී තිබේ.

පසුගියදා සමුහ දූෂණයට ලක්වී ඝාතනය කරන ලද යාපනයේ කයිට්ස් හී පාසල් ශිෂ්‍යාවක වූ සිවලෝගනාදන් විත්‍යාගේ එම සිදු වීමට සම්බන්ධ වීඩියෝ පටය මේ වන විට අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නොපමාව සම්මත කරගත යුතු බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

කොළඹ හා ප්‍රධාන නගර පිරිසිදු කිරීමේ සේවය සඳහා සිවිල් ආරක්ෂක බලකාය නැවත වරක් කැඳවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ ද සහය ඊට හිමිවන බව වාර්තාවේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්‌තිලක යන මහත්වරු ජාතික පවුර නමැති අලුතින් දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීමට කටයුතු කරමින් සිටිති.

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට සීමා කරන මෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය රජය වහාම හකුළා ගත යුතු බවත් එසේ නොවුණහොත් සියලු රාජ්‍ය සේවකයන් ඊට එරෙහිව පෙළගස්‌වා වැඩවර්ජනයකට අවතීර්ණ වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (26 වැනිදා) සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට පමණක්‌ සීමා කරන ලෙස උපදෙස්‌ දෙමින් රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ඡේ. දඩල්ලගේ මහතා විසින් සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක්‌ නිකුත් කර ඇත.

Connet With Us