නගර පිරිසිදු කරන්න සිවිල් ආරක්ෂක බලකාය නැවතත්

Published in පුවත්
Wednesday, 27 May 2015 08:43

කොළඹ හා ප්‍රධාන නගර පිරිසිදු කිරීමේ සේවය සඳහා සිවිල් ආරක්ෂක බලකාය නැවත වරක් කැඳවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ ද සහය ඊට හිමිවන බව වාර්තාවේ.

හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් පසුගිය රජය සමයේදී නගර අලංකරණය කිරීම හා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම තිවිඩ හමුදා සෙබළුන්ද යොදා ගත් අතර ඊට එල්ල වූ විවේචන නිසා වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් නගර පිරිසිදු කිරීම කටයුතුවලින් ඉවත් කරන ලදී.


නමුත් එම වගකීම පැවැරුණ නගර සභා සේවකයන්ට ඒ නිසි අයුරුන් ඉ‍ටු කිරීමට නොහැකි වීම නිසා නැවත නගර අපිරිසිදු වීම ගැන මහජනතාවගෙන් විවේචන ඉදිරිපත් විය.

නාගරික සංවර්ධන හා ජලපවහන ඇමැති රාවුෆ් හකීම මහතා පවසන්නේ හිටපු ආරක්ෂ ලේකම් වරයාගේ මඟ පෙන්වීම යටතේ සිදුවූ නගර අලංකරණය යහපත් කටයුත්තක් බවය.

Last modified on Wednesday, 27 May 2015 08:54

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us