ශිරාල් සහ මෛත්‍රී ජාතික පවුරෙන් ඡන්දයට

Published in පුවත්
Wednesday, 27 May 2015 08:22

එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න සහ ශිරාල් ලක්‌තිලක යන මහත්වරු ජාතික පවුර නමැති අලුතින් දේශපාලන පක්‍ෂයක්‌ පිහිටුවීමට කටයුතු කරමින් සිටිති.

එම දේශපාලන පක්‍ෂය මීළඟ මහ මැතිවරණයට පෙර ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්‌වරයා සමඟ මේ වනවිටත් සාකච්ඡා කර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා කීය.

මෙම පක්‍ෂයේ ලකුණ මාලිමාව බවත් කොළ පැහැයට හුරු වර්ණයක්‌ පාට ලෙස භාවිතා කරන බවත් පැවසූ හෙතෙම තමා සහ ශිරාල් ලක්‌තිලක මහතා ඉදිරි මහ මැතිවරණයට මෙම නව පක්‍ෂය යටතේ තරග කරන බවද පැවසීය.

සිය මවු පක්‍ෂය වන එක්‌සත් ජාතික පක්‍ෂය සමඟ සන්ධාන ගතවීමට කැමැත්තෙන් පසුවන බවත් ඊට ඉඩ නොලැබුණහොත් වෙනත් පක්‍ෂයක්‌ සමඟ සන්ධාන ගතව හෝ තනිව තරග කරන බවත් මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

එක්‌සත් ජාතික පක්‍ෂයට විකල්ප සංවිධානයක්‌ වශයෙන් "ජාතික පවුර" සංවිධානය පසුගිය සමයේ ක්‍රියාත්මක විය.

divaina

Last modified on Wednesday, 27 May 2015 08:43

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us