කෑම පැය අඩු කරන චක්‍රලේඛය අහෝසි නොකළොත් වර්ජනයක්

Published in පුවත්
Wednesday, 27 May 2015 08:19

රාජ්‍ය සේවකයන්ගේ දිවා භෝජන විවේකය විනාඩි තිහකට සීමා කරන මෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය රජය වහාම හකුළා ගත යුතු බවත් එසේ නොවුණහොත් සියලු රාජ්‍ය සේවකයන් ඊට එරෙහිව පෙළගස්‌වා වැඩවර්ජනයකට අවතීර්ණ වන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (26 වැනිදා) සඳහන් කළේය.

වැඩකරන ජනතාව පැය අටේ සේවා මුරය සමඟ දිනාගත් පැයක දිවා භෝජන විවේකය අඩු කිරීමට වත්මන් රජයට හෝ වෙන කිසිදු රජයකට අයිතියක්‌ නැති බවත් හෙතෙම සඳහන් කළේය.

ජනවරමක්‌ හා ඔක්‌සිජන් නැති මෙම ආණ්‌ඩුව කරගෙන යන විකාර වැඩ වහාම නතර කළ යුතු බවත් වැඩකරන ජනතාවගේ අයිතීන් අහිමි කිරීමට රජයට කිසිසේත් ඉඩ නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම තත්ත්වයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් වගකිවයුතු බවත් රාජ්‍ය සේවකයන් සහ රජය අතර ආරවුල් ඇති වීම වැළැක්‌වීමට ඔහු වහා කටයුතු කළ යුතුව ඇති බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

- දිවයින

Last modified on Wednesday, 27 May 2015 08:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us