විද්‍යාගේ ඝාතකයින්ට උපරිම දඩුවම් දෙනවා-ජනපති

Published in පුවත්
Tuesday, 26 May 2015 14:39

යාපනයේ කයිට්ස් පුංකුඩුතිව් හි සිවලෝගනාදන් විද්‍යා නැමති 17 හැවිරිදි සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික හිංසනයට ලක්කර මරා දැමුණු සැකකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදෙන බවත්, යාපනය අධිකරණයට ගල් මුල් ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ටද දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී අද (26) පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26දා) දහවල් යාපනයේ හදිසි සංචාරයක නිරතවිය.

යාපනයට පැමිණි ජනාධිපතිවරයා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්.පලිහක්කාර ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිවරයා යාපනය වෙම්බඩි උසස් බාලිකා විදුහලේදී පැවති රැස්වීමකට සහභාගී වෙමින් කියා සිටියේ පාසල් සිසුවියගේ ඝාතනය දැඩි ලෙස හෙළාදකින බවත්, යාපනය දිස්ත්‍රික්කයේ එවැනි සිදුවීම් සිදුනොවීමට වගබලාගත යුතු බවත්ය. සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවා කඩිනම් නඩු විභාගයක් පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි ජනපති මාධ්‍ය අංශය සදහන් කර සිටියේය.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා , නියෝජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරී යන අයද මෙම අවස්ථාවටසහභාගී වූහ.

21707

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us