subash
ප්‍රභාකරන් නිසා ශ්‍රීලනීපය ජනාධිපතිවරණ 4ක් දිනුවා - කුරේ
"ප්‍රභාකරන් කියන සාධකය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජනාධිපතිවරණ හතරක්‌ම ජයග්‍රහණය කළා. පසුගිය ජනාධිපතිවරණය පවතිද්දී එම සාධකය තිබුණේ නැහැ. ඒ නිසා අපි පරාද වුණා. යෑයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පානදුර කෙසෙල්වත්තේදී ප්‍රකාශ කළේය.
මෙම වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාව තුළ එච්. අයි. වී ඒඩ්ස් වයිරසය ශරීර ගතවූවන් 3240 ක් පමණ සිටින බවට ඇස්‌තමේන්තු කර තිබුණු අතර ඔවුනගෙන් මෙතෙක් හඳුනාගෙන ඇත්තේ 1732 ක් වැනි සංඛ්‍යාවක් පමණක් බව ශ්‍රී ලංකාවේ සිටින එක්‌සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහනෙහි (යුඑන්ඒඩ්ස්) නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතා පවසයි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් රැසක් අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.මේ පිළිබඳ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ තමන් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පවා අස්සන් නොකළ බවයි.
මහින්ද,බිලියන් 28 න් කළේ මොනවද කියා ඔප්පු කර පෙන්විය යුතුයි - හර්ෂ
මහා මාර්ග 28ක් සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය සමයේ මාර්ග සංවර්ධන අධිකාරිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් බිලියන 55ක ණය මුදලින් රුපියල් බිලියන 28ක් වෙනත් කාර්යයකට වැය නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශය ඔප්පුකර පෙන්විය යුතු බව ප්‍රතිපත්ති සැලසුම් රාජය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය අද(01) දින මූල්‍ය වංචා විමරශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිය.
බිලියන් 28න් කෙළේ මොක්කද? රනිල් - ඒක 55න් කොටසක් නෙවෙයි - මහින්ද
මහාමාර්ග ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් බිලියන 55න් 28කට සිදුවූයේ කුමක්දැයි යන්නට ඔහු පිළිතුරු දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂා මහතා 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' උත්තරයක් දී තිබේ.
පසුගිය රජයේ දේශපාලනඥයන් විසින් රටින් වසං කළ දේපොළ හා වත්කම් පිළිබඳ සොයා බැලීමේ කටයුතුවලට උපදෙස් ලබාදීමට ඇමරිකා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
පවිත‍්‍රා ඇමැතිකමෙන් අස්වූයේ හොර පතල් බේරා නොදුන් නිසා
හිටපු ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි ඇමති ධුරයෙන් ඉවත් වීමට හේතුවූයේ ඇයගේ අනවසර මැණික් පතල් කිහිපයක් වටලා එහි සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා බව වාර්තා වේ.
නීති ආධාර කොමිසන් සභාවට පසුගිය වසර දෙකේ දී පමණක් දික්කසාද හා නඩත්තු නඩු 32000ක් ඉදිරිපත්ව තිබේ.
ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජූඩීන් ඝාතනය කළේ කවුද හා එය කළේ කාගේ උවමනාවටදැයි පරීක්ෂණ කරන බව නීතිය සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
රිය අනතුරකින් ඔහුගේ මරණය සිදුවූ බව කියැවුණත් ඔහු මියගොස් ඇත්තේ අනතුරකින් නොව ඝාතනයක් නිසා බව ඒ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
