ශ්‍රි ලනීපයට රනිල් විශ්වාසයි !

Published in පුවත්
Wednesday, 03 June 2015 06:36

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් රැසක් අස්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.මේ පිළිබඳ අදහස් දැක්වූ මුදල් රාජ්‍ය ඇමැති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ තමන් ඇමැති රවි කරුණානායක මහතාට එරෙහි ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවට පවා අස්සන් නොකළ බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේ සිදුවූවා යැයි කියන අක්‍රමිකතා ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන බව ශ්‍රීලනිප සහ එජනිස මන්ත්‍රීවරු කිහිපදෙනකු ප්‍රකාශ කර තිබුණි. බහුතරයක් මන්ත්‍රීන්ගේ අස්සන් සහිතව මේ විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දෙන බවත්, එම යෝජනාවට මේ දක්වා මන්ත්‍රීවරු 80 දෙනෙකු අස්සන් කර ඇති බවත් හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හෝ එ. ජ. නි. සන්ධානයේ විධායක සභාව අනුමත නොකළ විශ්වාසභංග යෝජනාවකට අස්සන් කළ නොහැකි යැයි ශ්‍රී. ල. නි. ප. අමාත්‍යවරුන් ප්‍රකාශ කර සිටිති.

මේ අතර අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අස්සන් නොකරන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

20 වැනි සංශෝධනය සම්මත කර ගත යුතු නම්, විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එජනිස නායකයින්ගෙන් ද ඉල්ලා ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවා අස්සන් තබා නැතැයි දැනගන්නට ඇත. එහෙත් ජනාධිපතිවරයාගේ නියෝගය පවා නොතකා ශ්‍රී. ල. නි. ප. මන්ත්‍රීවරු ඊට අස්සන් කෙළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණි.

මේ පිළිබඳව කරන ලද විමසුමකට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවකට අනුව තමන් අමාත්‍ය ධුරය ගත් බවත්, ආණ්ඩුවේ සිටිමින් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයකට අස්සන් කළ නොහැකි බවත්ය.

අගමැතිවරයාට හෝ රවී කරුණානායක මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනා ශ්‍රී. ල. නි. පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දු නොවන බව කී ඇමැතිවරයා, ඒ නිසා තමාට අස්සන් කළ නොහැකි බවත් කීය. මෙයට අස්සන් තබන්නැයි කියා කිසිවෙකු මේ වන තෙක් පැමිණියේ නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

 

dinamina

Last modified on Wednesday, 03 June 2015 06:47

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us