ප්‍රභාකරන් නිසා ශ්‍රීලනීපය ජනාධිපතිවරණ 4ක් දිනුවා - කුරේ

Published in පුවත්
Wednesday, 03 June 2015 06:59

 

"ප්‍රභාකරන් කියන සාධකය නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනාධිපතිවරණ හතරක්‌ම ජයග්‍රහණය කළා. පසුගිය ජනාධිපතිවරණය පවතිද්දී එම සාධකය තිබුණේ නැහැ. ඒ නිසා අපි පරාද වුණා. යෑයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පානදුර කෙසෙල්වත්තේදී ප්‍රකාශ කළේය.

ඉකුත් 5 දා පානදුර කෙසෙල්වත්ත පොදු වෙළෙඳපොළ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

පානදුර ප්‍රාදේශීය සභා අරමුදල් කෝටි දෙකකට ආසන්න මුදලක්‌ වැය කර ඉදිකර ඇති වෙළෙඳ සංකීර්ණය විවෘත කරමින් අමාත්‍යවරයා තවදුරටත් මෙසේද පැවසුවේය.

'මම දේශපාලනයේදී ගෝලයන් හැදුවා මිස එහෙයියන් වන්දිභට්‌ටයන් හැදුවේ නැහැ. මම දේශපාලනයේදී තනි වුණත් මම මගේ හෘදසාක්‍ෂියට අනුව කටයුතු කරනවා. ගත යුතු තීරණ ගන්නවා. හිටපු ජනාධිපතිවරයා සමග නැවත එක්‌ වී ශ්‍රී ල. නි. පක්‍ෂය දිනවන්න කටයුතු කිරීමට අපේ පක්‍ෂයේ අයම කතා කරනවා. අද අපේ පක්‍ෂයේ අය පත්ව තිබෙන අසීරුතාවට ඔවුන් පත් කළේ කවුද? ඉදිරියට වසර දෙකක්‌ තිබියදීත් ගත් වැරදි තීරණය නිසා හිටපු ජනාධිපතිවරයා පරාජය වුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරක්‍ෂා කරගෙන නැවත ජයග්‍රහණය කරා මෙහෙයවන්න එවැනි වැරදි තීරණ ගත්ත අයට බැහැ. එය කළ හැක්‌කේ අපට පමණයි. අපි ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේයි. මේ රටේ සිංහල දෙමළ මුස්‌ලිම් බර්ගර් ආදී ජාතීන් කිහිපයක්‌ම වාසය කරනවා. ඒ අය විවිධ ආගම් අදහනවා. ආගම්වාදී ජාති වාදවලින් තොරව මේ රට ඉදිරියට ගෙන යා යුතුයි.

දිවයින ඇසුරෙනි

Last modified on Wednesday, 03 June 2015 07:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us