විපක්ෂයේ, ආණ්ඩු හිතෛශී නොවන මන්ත්‍රී විරෝධතාවක්

Published in පුවත්
Wednesday, 03 June 2015 07:11

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් විමසීමකින් තොරව ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් අද (03) රැස්වෙන පාර්ලිමේන්තුවේදී විරෝධතා දැක්වීමට ආණ්ඩුවට සහාය නොදක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.

එමෙන්ම ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ විවාදය පැත්තකට දමා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගන්නා ලෙස බලකර සිටීමටද විපක්ෂයේ මෙම මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හා දැනුවත් කිරීමෙන් තොරව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් වැසියන් තිදෙනා පත් කිරීම මෙන්ම අමාත්‍යවරුන් නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු වුවත් එම සභාවට අමාත්‍යවරුන් දෙදෙනකු පත් කිරීම තුළින් කර ඇති වරදට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය පෑමට නියමිතය.

ආණ්ඩුවට සහාය නොදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුන් මෙම විරෝධතාව දැක්වීමට එකඟතාව පළ කර ඇත.

මේ අතර සියලු පක්ෂවලින් විමසා ව්‍යස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කළ යුතු බවට වන නියමය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවූ නිසා මෙම විරෝධතාව දැක්වීම සුදුසු බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙරේදා (01) රැස්වූ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සඳහන් කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධ විවාදයට පෙර මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව වන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට භාර දුන් හෙයින් එම විවාදයට ප්‍රමුඛතාවක් දිය යුතු බවත් ඒ අනුව එය අද විවාදයට ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලකර සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us