subash
ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වලින් ලැබෙන මුදල් නිසි අයුරින් පාලනය නොකරන නිලධාරීන් ඒ සම්පත් භුක්ති විඳින බවත්, ක්‍රීඩා සංගම්වල වැඩ කටයුතු හරියාකාරව සිදුකෙරෙන්නේ නම් ඇඟිලි ගැසීම් අවශ්‍ය නොවන බවත් ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ගැටළුවලට කඩිනමින් විසදුම් දෙනවා - අගමැති
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් හා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ(15) සවස අරලිය ගහමැදුරේදි පැවැත්විනි. වෘත්තීමය ගැටලු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැති අතර මෙහිදී මාධ්‍ය සංගමය විසින් ඉදිරිපත් කෙරුණු ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසදුම් ලබා දෙන බව අගමැතිවරයා පොරොන්දු වූ අතර ඇතැම් කාරණාවන් සඳහා විසදුම් යෝජනා කරන ලෙස සංගමය වෙත දැන්වීය.
'මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි'යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දිවයින පුවත්පතට ලබා දුන් ප්‍රකාශයක දැක්වේ.
මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආරක්ෂක නිවාස, හමුදා නිලධාරීන්, ඔවුන්ගේ මෙහෙයුම් හා එම මෙහෙයුම සඳහා භාවිත කළ යුද උපකරණ පිළිබඳ නිල රහස් හෙළි කිරීම ඇතුළු අධි චෝනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කුලසිරි උඩුගම්පළ මහතා ඊයේ (15) ප්‍රථමවරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.
සංගක්කාර 'ටිකක් කලින්' සමුගන්නේ විශේෂ හේතුවක් නිසාද?
බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටේ අවුරුදු තුනහමාරක් කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච අභියෝගවලට මුහුණ දුන්නා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු කැබිනට්එක වර්ජනය කෙරුවා. අවුරුදු තුනහමාරට වැඩවර්ජන හාරසිය ගණනයි. මේ රටේ දේශපාලන නායකයෙක් විදිහට බලයට පත්වෙලා බණ්ඩාරනායක අගමැතිතුමා තරම් දැඩි මානසික පීඩනයකට ලක්වෙච්ච කිසිම නායකයෙක් නැහැ. අවසානයේදී එතුමාව මරලා දැම්මා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
කැනඩාවේ ශ්‍රීලාංකිකයන්ට ආපසු ගම්රටවල් බලා පැමිණෙන්න සිදුවන ලකුණු
කැනේඩියානු රජය විසින් ඉදිරිපත් කර තිබෙන නව පුරවැසි පනත හේතුවෙන් එරට පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන් 140,000 කට පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුව තිබේ.
දෙමළ තරුණයන් 35ක් පැහැරගෙන මරාදැමූ නාවිකයන්ටත් තවම නඩු නෑ.
කොළඹ, ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව ප්‍රදේශයන් වලින් දෙමළ තරුණයින් 35 ක් පැහැර ගෙන ගොස් ඔවුන්ව නිදහස් කිරිම සදහා මුදල් ලබා ගෙන පසුව ඝාතනය කළ යැයි චෝදනා ලැබ සිටින නාවික හමුදා නිලධාරින් 14 දෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පාරීකෂණ කටයුතු මේ වන විට අවසන් ව ඇති නමුත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 5 ක මුදලකට ආධාර අනුබල හා රැකවරණ ලබාදීමේ චෝදනාව පිළිබදව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ පරීක්ෂණ කටයුතු නිම කර අදාල වාර්තාව නීතිපතිවරයා වෙත භාර දී ඇති බව වාර්තාවේ.
මහින්ද පට්ටපල් බොරුකාරයෙක්. බලයේ ඉන්නකම් කළේත් බොරුවමයි.
එක්සත් ජාතික පක්ෂතයේ මහලේකම් කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනය
පසුගිය ජනවාරි 08 වන දා දේශයේ ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට ඇද වැටුණු මහින්ද රාජපක්ෂහ මහතා, දැන් නැවත නැවත අසත්‍ය හා මිත්‍යාව වපුරවමින් මේ රටේ ජාතීන් අතර වෛරය හා සැකය පැතිරවීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි.
