කැනඩාවේ ශ්‍රීලාංකිකයන්ට ආපසු ගම්රටවල් බලා පැමිණෙන්න සිදුවන ලකුණු

Published in පුවත්
Monday, 15 June 2015 07:30

කැනේඩියානු රජය විසින් ඉදිරිපත් කර තිබෙන නව පුරවැසි පනත හේතුවෙන් එරට පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන් 140,000 කට පමණ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුව තිබේ.

පසුගිය සතියේ සිට ක්‍රියාත්මක මේ නව පනත හේතුවෙන් එරට පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් රැඳී සිටීමේ අවධානමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

නව පුරවැසි පනත හේතුවෙන් එරට පුරවැසිභාවය ලබා සිටින දෙවැනි පෙළේ පුරවැසියන්ට සෘජුවම බලපෑමක් එල්ල කරන අතර ත්‍රස්තවාදයෙන් තම මවුබිම ආරක්ෂා කර ගැනීම නව පනත ගෙන ඒමේ අරමුණ බව කැනේඩියානු ආගමන කටයුතු ඇමැති ක්‍රිස් ඇලෙක්සැන්ඩර් මහතා පවසයි.

මේ පනතට අනුව අලුතින් කැනඩා පුරවැසිභාවය ලබාගත් විදේශිකයන් සඳහා එරට උපත ලැබූවන්ට හිමිවන වරප්‍රසාද සියල්ල එලෙසින්ම හිමි නොවන බව පෙන්වා දෙන ඇමැතිවරයා තම රටේ යහපත වෙනුවෙන් මේ පියවර ගෙන තිබෙන බව ද කියාසිටී.

එක්තරා පුරවැසි පිරිසක් කොන් කිරීමෙන් මේ නව පුරවැසි පනත ඉදිරිපත්කර තිබෙන බවට පිරිසක් විරෝධතාවයේ නිරතව තිබෙන අතර කැනේඩියානුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් නව පනත ඉදිරිපත් කළ බවට රජය ප්‍රකාශකර තිබේ.

ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව ඉන්දීයාව, පාකිස්ථා‍නය, පිලිපීනය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, නවසිලන්තය ඇතුළුව ලෝකයේ විවිධ රටවලින් ගොස් කැනඩාවේ පුරවැසිභාවය ලබා සිටින සියලු ජාතීන්ට මේ නව පනත හේතුවෙන් තවදුරටත් රැදී සිටීමේ අවධානමක් ඇතිව තිබෙන බව ද වාර්තා වෙයි.

 

dinamina

Last modified on Monday, 15 June 2015 07:43

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us