ශ්‍රීලනිපය දෙකඩ කරන්නේ මහින්ද - අර්ජුන

Published in පුවත්
Sunday, 14 June 2015 20:52

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බව අර්ජුන රණතුංග මහතා පවසයි.අද (14) අත්තනගල්ල රන්පොකුණගම පැවති මහජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

පක්ෂය දෙකඩ කිරීම සදහා හවුල් නොවන්නැයි අත්තනගල්ල ආසන සංවිධායක,වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජතයින්ගෙන් ඉල්ලා සිටියේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරන කණ්ඩායම් අත්තනගල්ල ප්‍රදේශයට පැමිණ පක්ෂයට පිටින් ගිහින් කරන විනාශය දුටු බවත් . ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලක කෙනෙක් ලෙස 2009 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන් ඉන්න බැරි තැන පක්ෂයෙන් ඉවත් වූ බවත් අමාත්‍යවරයා පැවසුවේය.

පක්ෂය තුළ සිට පක්ෂය විනාශ කිරීමට බැරි නිසා පක්ෂයන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියා ගැන විවේචනය කළ බව ඔහු කීවේය.අවාසනාවකට මෙන් අද සමහර ඇමතිවරු තමන්ගේ ගේ ඇතුළේ ඉඳගෙනම තමන්ගේ ගේ කඩා ගැනීම සිදු කරන බව හෙතෙම පැවසුවේය. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.

' මම කිව්වා මේ රාජපක්ෂලා ඉන්නවා නම් මම කවදාවත් මේ පක්ෂයට බැඳෙන්නේ නැහැ කියලා. සමහර අය අද ලොකුවට කියනවා, පක්ෂය දාලා ගිහිල්ලා දැන් ඇවිල්ලා පක්ෂයේ තනතුරු අරගෙන, ඇමතිකම් අරගෙන අපි ඉන්නවා කියලා. ඔව් අපි තනතුරු අරගෙන ඉන්නවා තමයි. හැබැයි අද මේ විනාශය කරන ඇමතිවරු, මන්ත්‍රීවරු මොකද කරන්නේ. පක්ෂය ඇතුළේ ඉඳගෙන පක්ෂය විනාශ කරලා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් හදන්න පාර කපලා දෙනවා.'

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us