subash
ඊයේ සන්ධාන පක්ෂ නායක හමුවේදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ මහතාට කවරාකාරයකින්වත් සන්ධානයට සම්බන්ධ කර ගත යුතු නැති බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වූවද ජාතික හෙල උරුමය නියෝජනය කරමින් පිවිතුරු හෙටක් සංවිධානය ගොඩ නාගාගෙන වෙනම දේශපාලනය නිරතවන අතුරලියේ රතන හිමි පවසා ඇත්තේ පුද්ගලයන් සමඟ ප්‍රශන ඇති කර නොගත යුතු බවත් අපට ප්‍රශ්න ඇත්තේ ප්‍රතිපත්ති සමඟ පමනක් බවය, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපත්තිමය එකඟ තාවයකට පැමිණෙන්නේ නම් ප්‍රශ්නයක් නැති බව රතන හිමි පවසා ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නම යෝජන ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාන්දර 1.30ට පමණ අවසන් වූ සාකච්ඡාවකින් අනතුරුව එකඟවී ඇත.
චන්ද්‍රිකා එනවා නම් අපිට දුන්නත් අපි ගන්නේ නෑ - බැසිල්
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම කණ්ඩායමට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාම යෝජනා ලබා දුන්නත් භාර නොගන්නා බව බැසිල් රජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් යන අය විසින් සංවර්ධන යෝජනා ක්‍රම තුළින් අයථා මුදල් ඉපයීමත් සිදුකර ඇති බවට දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසමට පැමිණිල්ලක ගොනු කර තිබේ.
රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ගීත රචකයකු වන රවී සිරිවර්ධන මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු හා කලා උපදේශකයා ලෙස කටයුතු කළ සමන් දිසානායකගෙන් දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවන බවට ඒ මහතා මහරගම පොලිසියට පැමිණිලි කර ඇත.
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කිරීම එක්සත් ජාතික පක්ෂයට ගැටලුවක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් හා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.
මහින්ද යළිත් අර්බුදයේ , 'මහින්ද සමඟ නැගිටිමු' කී අය අතුරුදන්
ඊයේ මැදමුලනේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා කළ සංදර්ශනයට ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු සියයකට අධික සංඛ්‍යාවක සහභාගී වනු ඇති බවට බලපොරොත්තු වුවත් ඒ 28 දෙනෙකුට සීමාවීම නිසා වෙනම තරග කිරීම සඳහා ගත් තීරණය යළි අකුළා ගැනීමට සිදුවිය හැකි බව එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරු 10.30 වීරකැටියේ මැදමුලන සිට ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසිය.
සිය නිවසේදී මෙහෙකාර කාන්තාවකට අමානුෂික ලෙස පිස්තෝලයකින් පහරදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාට එරෙහිව සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට බාරදී තිබේ.
ගෝඨාගේ රණවිරු වේටර්වරයෙකුට මල්ලී කිව්වැයි බිමදාගෙන ගහලා
බලංගොඩ නන්පෙරියල් ගල යට ලෙස හැඳින්වෙන ප්‍රදේශයේ යුධ හමුදාව විසින් පවත්වාගෙන යන හෝටලයකට පසුගිය 27 වන දින ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු විසින් එහි සිටි රණවිරු වේටර්වරයකුට මල්ලි යැයි කියා ඇමැතීම නිසා දරුණු පහර කෑමකට කව ඇතැයි වාර්තා වේ.
