මෛත්‍රී පචවේ ! මහින්ද සන්ධානයේ අගමැති අපේක්ෂකයා!!

Published in පුවත්
Friday, 03 July 2015 09:27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නම යෝජන ලබා දීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාන්දර 1.30ට පමණ අවසන් වූ සාකච්ඡාවකින් අනතුරුව එකඟවී ඇත.

සිරිසේන මහතා හා රාජපක්ෂ මහතා අතර ගැටුම් නිරකරනය කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලනීප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා නිමල් සිරිපාලද සිල්වා හා සුසිල් ප්‍රේම ජයන්ත මහතා දෙපාර්ශවය අතර කළ සාකච්ඡාවෙන් අනතුරුව රාජපක්ෂ මහතා නිහඬ වීම හෝ සන්ධානයේ නාම යෝජනා ලබාදීම හෝ ශ්‍රී ලනීපය හා එජනිස දෙකඩවීම වලක්වා ගැනීම සඳහා වන විසඳුම ලෙස යෝජනා කර තිබේ. පක්ෂය දෙකඩ වුව හොත් එජාපය ඉතා විශාල බහුතර ආසන ගනනකින් ජයග්‍රහණය කරන බව ඔවුන් පෙන්වා දි තිබිණි. මෙහිදී සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා ට නාම යෝජනා ලබා දීම සිරිසේන මහතා දැඩිව ප්‍රතික්ෂේප කර ඇති නමුදු අනෙක් පාර්ශ්වයන්ගෙන් එල්ල වූ බලපැම හමුවේ ඔහු ඊට එකඟ වී තිබේ.


මෙම සාකච්ඡාවට සමගාමීව බැසිල් රාජපක්ෂ මහතා හා රාජිත සේනාරත්න මහතා අතර ඇතිවූ සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා යෝජනා හතරක් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව දෙපාර්ශවයේ ප්‍රබලයන්ට කැපිලි දැමිය නොහැක. ලේකම් වරු දෙදෙනා මධ්‍යස්තව සිටිය යුතුය. සන්ධානයේ සෙසු පක්ෂවලට නිසි ගෞරවය දිය යුතුය. විමල් වීරවංශට උදය ගම්මන්පිලට නාමයෝජනා ලබා දිය යුතුය.

Last modified on Friday, 03 July 2015 09:35

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us