subash

subash

සිය නිවසේ සිටි මෙහෙකාරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු සරත් ද ආබෲ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා රහස් පොලිසියට අනුමැතිය දී තිබේ.

යාල වනෝද්‍යානය තුල  හෝටල් හා කබානා විශල ප්‍රමානයක් පසුගිය රජපක්ෂ පාලන සමයේදී එම පවුලේ සාමාජිකයන් විසින් රහසිගතව ඉදිකරමීන් පැවැති බවට පසුගිය ඉරිදා 'සත්හඬ' පුවත් පතෙන් කළ හෙළි දරව් කිරීම හා  එම වනෝද්‍යානයේ තවත් පසෙක එලෙසම නීතිවිරෝධී කාබානා සකසා ඇති බව සඳහන් කරමින් අද දින පරිසර අමාත්‍යංශයට බාරදීමට ගිය පැමිණිල්ල එම අමාත්‍යංශය විසින් ප්‍රතික්ශේප කර තිබේ. 

මාධ්‍යවේදිනියක් සහ කිවිඳියක් ලෙස අපට නිතරම සයිබර් අවකාශයෙදි මුණ ගැහෙන සුරේඛා සමරසේන, සිය කුළුඳුල් නවකතාව ජුලි 09 වෙනිදා එළිදැක්වීමට නියමිතය. මේ සාකච්ඡාව, එකී සුරේඛාගේ "මේ කතාව" ගැන මෙන් ම බොහෝ තැන්වල නොකියවෙන බොහෝ ගැහැණුන්ට කීමට ඇති සහ බොහෝ ගැහැණුන්ට කිව යුතු කතා පිළිබඳව ය.

සුරේඛා අපි මෙහෙම පටන් ගත්තොත් ඔයා "මේ කතාව" හදුන්වන්නේ කොහොමද?

මම මේ කතාව හදුන්වන්නේ මේ කතාව ලෙස. මේ නවකතාවේ නම මේ කතාව. මට මේ කතාවෙන් කියන්න ඕන උනා ගැහැණුන් ගැන කතාවක්,දේශපාලන කතාවක්. නව වමේ දේශපාලනය සමග ඇයි හොදයි කම් කියන පරම්පරා දෙකක ගැහැණුන් පිළිබද කතාවක්. පරම්පරාවෙන් පරම්පරාවට දේශපාලන සත්වයෙක් හැටියට ගැහැණිය වමේ දේශපාලනයට අනුගතවන විට ජීවන අත්දැකීම පිළිබද කතාවක්. මෙයට මගේ අත්දැකිම් හා මම ඇසුරුකළ ගැහැණුන් ගේ අත්දැකීම් පිලීබද කතාවක්.

 

දේශපාලන විප්ලවයක් කැර ජනවාරි අටවැනිදා භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ ආපසු භාර දෙන බව තමා නිර්භයව පවසන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.

මහින්ද රාජපක්ෂට හා කිසිදු දූෂිතයෙකුට ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදෙන බව ඊයේ ජනාධිපතිවරයා , මාදුළුවාවේ සෝභිත හිමි, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවේ පවසා ඇත. බණ්ඩාරනායක මහත්මියගේ ජනම දිනය අල්ලා පැවැති උත්සව අවස්ථාවකින් පසුව මේ බව ඔවුන් හමුවේ ප්‍රකාශ කොට ඇත.

මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසූවද ජාතිය හමුවේ මේ සම්බන්ධ කිසිදු නිශ්චිත ප්‍රකාශයක් තවම සිදු නොකළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා අමාත්‍ය වගකීම දරණ ජනමාධ්‍ය අමත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එළැඹෙන 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට තිබූ මහින්ද සමග නැගිටීමු රැළි මාලාවේ ජන රැළිය දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා කියා සිටියි.

අද (05) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් 'සත්හඬ' පුවත්පතට සමගාමිව 'සත්හඬ' වෙබ් අඩවියද එළිදක්වා ඇත.

'මර්වින් රිටිගල මහ කැලේ මෛත්‍රී භාවනාවේ !' යන ප්‍රධාන ශිර්ෂ පථයෙන් යුතුව 'සත්හඬ' සති අන්ත ජාතික පුවත්පත ඊයේ වෙළඳ පොලට නිකුත්කර තිබිණ.

ඉදිරි මහ මැතිවරණයේ දී බහුතර ආසන සංඛ්‍යාවක් ලබා සන්ධාන ආණ්ඩුවක් බිහිකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි ස්ථාවරයක පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

 ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පවසන ලෙස ජාතික ආණ්ඩුවක්  බිහි නොවන අතර මීළඟ අග මැතිවරයා ශ්‍රී ලනීපයෙන් බිහිවීමට ඉඩ ඇත.

Connet With Us