subash
මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි - ජනාධිපති
මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවැසීය. රාජපක්ෂ ජනවාරි 08 වනදා පාරාද වූවා සේ ඉදිරි මැතිවරණයේදීත් පරාජයට පත්වෙන බවත් ඔහු පැවසීය,
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14)සවස 5.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතය.
එල්ටීටීඊ සංවිධානයේ හිටපු නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මස්සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ ස්වාජිලිංගම් මහතා මෙවර මහ මැතිවරණයේදී ස්වාධීන අපෙක්ෂකයකු ලෙස කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව සිටී. ඔහුගේ ඡන්ද සලකුන 'සුදු කොඩි දෙක' වෙයි
හිටපු මැති ඇමැතිවරු 4 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දුන්නේ නැත. ඒ ඇයි දැයි සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසූ විට පැවැසූවේ එය නාම යෝජනා මණ්ඩලයේ තීරණයක් බවය. ඔවුන් දූෂිතයන් හෝ දූෂණ චෝදනා එල්ල වූවන් හෝ නොකීමට ප්‍රේමජයන්ත මහතාගේ දිව නැවුනේ නැත.
හිටපු අගවිනිසුරු වරිය වූ ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනයක කාරියවසම් මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දුන්නේය. ඔහු ඉදිරිපත්ව සිටින්නේ ස්වාධීන කණ්ඩායමකිනි. අපේ ස්වරාජ් පක්ෂය ලෙස හඳුන්වා ගත් එම කණ්ඩායම උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කොට තිබේ.
මහින්දත් එක්ක ඉල්ලලා වැඩක් නැති නිසා නාමයෝජනා ප්‍රතික්ෂේප කළා - කරුණා අම්මාන්
එක්සත් ජනතා නිදහස සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට මේවර මඩකලපු දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා නොලැබීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහුගේ ලේකම්වරියක පැවැසූවේ ඔහුට නාම යෝජනා ලැබුණ නමුත් ඒ ප්‍රතික්ෂේප කළ බවය.
මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික්ක කිහිපයකින් ම ඇරයුම් ලැබුණත් තමන් ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කය ම තෝරා ගැනීමට හේතුව දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4ක් කුරුණෑගල පිහිටා තිබීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඒ, හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. හිටපු ජනාධිපතිවරයාගේ හදිසියේ පහළ වූ දළදා කැක්කුම පිළිබඳව අපට අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබේ.
මිනී මැරුමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබේ.
බුද්ධිමතුන් මෛත්‍රීව අත්හරිති. ජනාධිපති උපදේශක ජයම්පති වික්රමරත්නත් යහපාලන පෙරමුණ සමඟ එක්වෙයි.
වමේ කෙන්ද්‍රයේ සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනාධිපති උපදේශක තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරට පත් කිරීම වෙනුවෙන් විශාල සේවයක් කළ වික්‍රමරතන මහතා ජනාධිපති උපදෙශකයකු ලෙසද පත් කර ගන්න ලදී.
