subash
ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ.
(update)මෛත්‍රී - මහින්ද හවුලට එරෙහි නව පෙරමුණ 12 වනදා
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරෙම 12 වන දින පෙරවරු 10.00ට අරලිය ගහ මන්දිරයේදී සිදු කරන බව අද්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මීට පෙර මෙය යෝදා ගෙන තිබුනේ 14 වන දින විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සිදු කිරීමට නමුත් නාමයෝජනා බාර දීමට පෙර මෙම ගිවිසුම අත්සන් කිරීමට තීරණය ගෙන තිබේ.
ලබන බදාදා සිට ගෘහස්ත ගැස් සිලින්ඩරයක මිළ රුපියල් 100 කින් අඩු කිරීමට තමාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ලැබුණු බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි.
පසුගිය ජනවාරි 08 වන දින මෙරට ජනතා ව යහපාලනය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තැබූ ඓතිහාසික පියවර පාවා නොදී ද්‍රොහීන් පරාජය කරන බව රාජිත සෙනාරත්න මහතා පවසයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා හිමි නොවූ දුමින්ද සිල්වා සහ සජින් වාස් ගුණවර්ධන ස්වාධීනව මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබේ.
"යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" ලෙස එජාපය නම වෙනස් කරයි
ශ්‍රීලනිපයේ මෙතෙක් නාමයෝජනා සඳහා අත්සන් නොතැබූ ප්‍රබලයන්,ජාතික හෙළ උරුමයේ සංශෝධිත නම වූ එක්සත් යහපාලන ජාතික පෙරමුණ, මෙන්ම වාමාංශික නැඹුරුවකින් යුතු පක්ෂ ඒකාබද්ධව "යහපාලනය සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ" යනුවෙන් "අලියා" ලකුණින් මෙවර මහමැතිවරණයට තරඟ කිරීමට යන බව වාර්තා වේ.
මහින්දට ජාතක සිතුවිලි - හිතුවේ වෙන දෙයක් සිදු උනේ තව දෙයක්
සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ව්‍යුහවාදී නොවී සියලු දේශපාලනික ව්‍යුහන්ගෙන් වියුක්ත වී ලංකාවේ දේශපාලනයට සංයුත්ත වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් මෙම ලිපියට මුල පුරන්නේ මා තුල ද ප්‍රතිවිරෝධතා ගණනාවකට මුල පිරීමෙන්ය.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.
මීට පෙර කලා වැව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධාකවරයා වූයේ දුමින්ද දිසානායක මහතාගේ පියා වූ දිවංගත අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාය.
මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම සහිත නව සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ලබා දීමට එකඟ වී ඇතැයි වාර්තා වේ.
