subash
ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සහ එල්ටීටීඊයට එරෙහිව සිදු කළ යුද්ධයේ අවසන් වකවානුවේ සිදු වූ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ පරීක්ෂණයේ වාර්තාව ලෙස පවසමින් ව්‍යාජ වාර්තාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සමගාමීව ප‍්‍රසිද්ධ කිරීමට එම කණ්ඩායම මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒම සඳහා චීන රජය දැඩි බලපෑමක් කරමින් සිටින බව දැනගැනීමට තිබේ. මේ වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ දෙවන නිලධාරියා වන දේශපාලන අංශ ප‍්‍රධානී රෙන් ෆාකියන් මේ කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටී.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ එකොලොස් කෝටි තිස් ලක්ෂයක වංචාවක්
රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගිණුමෙන් රුපියල් එකොළොස් කෝටි තිස්ලක්ෂ හයදහස් තුන්සිය දෙක (113,006,302 )ක මුදලක් වංචාකර තිබේ. මෙම මුදල් වංචනික ලෙස ලබාගෙන ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ විසිනි.
කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනීප මන්ත්‍රී එස්. බී නාවින්න මහතා අද දින එක්සත් ජාතික පක්ෂයට එක් වනු ඇති බව වාර්තා වේ. මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලනීප මන්ත්‍රී එම් කේඩී එස් ගුණවර්ධන ඊයේ දිනයේදී ජනාධිපතිවරයා ගත් තීන්දුව නිසා ඊට විරෝධය දැක්වීම වෙනුවෙන් එජාපයට එක් වෙමට සූදානමින් පසුවනු බවත් වාර්තාවේ.
මේ රටේ පැවැති ක්‍රමයට විරුද්ධව වැරදි කරපු අයට විරුද්ධව රට බංකොළොත් කරපු අයට විරුද්ධව ජනතාව ජනවාරි 8 වැනිදා කළ යුග පෙරළියෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොකොට නැවත වතාවක් ඒ අයම අරගෙන ගමන් කරනවානම් ඡන්දය දුන් ලක්‌ෂ හැටදෙකක ජනතාවට ද්‍රෝහි වීමක් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරයා වන රෙනෝ සිල්වාට අයත් හිරු මාධ්‍ය ජාලයේ සේවය කරන මාධ්‍යවේදීන් ගණනාවකගේ අවුරුදු උත්සවයකට සහභාගි නොවූයේ යැයි කියමින් වැටුපෙන් රුපියල් 2,200-3,000 බැගින් කපාගෙන තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදස් සන්ධානයේ නාමයෝජනා ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ලිඛිතවම සහතිකයක් ලබා දී ඇති බව ජනාධිපති නිල නිවසේන් ලැබෙන ආරංචි මාර්ග තහවුරු කරයි.
අද පෙරවරු 11 ට අභයාරාමයේදී පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය හමුව කල් දැමීමට මහින්ද පාර්ශවය තීරණය කර තිබේ. අද එහි පැමිණි මාධ්‍යවේදින්ට සවස 4ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
අද පාන්දර පැවැති පැවැති සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්දරාජපක්ෂ මහතාට සන්ධානයේ අපේක්ෂකත්වය ලබා දීම වෙනුවෙන් යම් එකඟතාවයකට පැමිණීම වාර්තා වීමෙන් පසුව අද උදෑසන සිරිසේන මහතා හමුවීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හදිස්සියේම පැමිණ තිබේ.
