subash
මෛත්‍රීපාල සිරිසේන මහතාව විපක්ෂයේ පොදු අපෙක්ෂකය ලෙස ඉදිරිපත් කරමින් ඔහුට සහය පිණිස සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වූ කණ්ඩායම එකසත් ජාතික පක්ෂය හා වන සන්ධනයකින් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අද උදැසන සිට පැවැති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක් සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලිය ගැන තමන් බලවත් සේ කළකිරීමටත් සිත් තැවුලටත් පත්ව සිටින බව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (08) රාත්‍රියේ දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ඊයේ (08) නාමයෝජනා අත්සන් කර ඇත.
හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට නැවත තරග කිරීමට තීරණය කළ බව දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා පැවසීය. චමල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට තරග නොකොට දේශපාලනයෙන් සමු ගන්නා බව පසුගිය දිනවල වාර්තා විය.
මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සටන් පාඨය වනු ඇත්තේ සිංහල බෞද්ධ වර්ගවාදය පදනම් කර ගත් ගෝත්‍රවාදී සටන් පාඨ කිහිපයක් පමණක් වනු ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.
සන්ධාන දූෂිතයන්ට නාමයෝජනා ලබාදීම සාධාරණ බව විමල් තර්කානුකූලව පෙන්වා දෙයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ දූෂන වංචා චෝදනා ලැබූවන්ට නාම යොජනා ලබා නොදීමට ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක කරන විමල් වෙරවංශ මහතාගේ ජතික නිදහස් පෙරමුණ ඊයේ නිකුත් කළ නිවේදයක් අනුව එම දූෂිතයන්ට නාම යෝජනා ලබා දීම සාධාරණීය කරනය කිරීම සඳහා තර්කයක් ගෙන එයි.
මහින්ද පෙන්වා ඡන්ද අරගෙන පැත්තකට දැමීමේ යෝජනාව සුසිල්ගේ !
මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට බහුතර ආසන සංඛ්‍යාවක ලබා ජයග්‍රහණය කිරීමට නම් මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් නාම යෝජන ලබා දිය යුතු නමුත් ඔහුට අගමැති ධුරය ලබ දිය යුතු නැති බවටත් වන යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කොට ඇත්තේ ඇත්තේ සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා බව හෙළිවේ.
මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් වු කෝප් වර්තාව පිළිබඳව විවාද කිරීම හෝ ඒ මාධ්‍යයට හෙළි කිරීමෙන් වැලැකී සිටින බව හිටපු ජේෂ්ඨ අමාත්‍ය කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා කමිටුව අද (07) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡාකිරීමට නියමිතය.
