subash
මහින්ද හා දූෂිතයන් නිසා දුමින්ද 17 දා අ'පුර වේදිකාවට නො එයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හෙට (17 ) දා ඵෙතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිත නමුත්, එම දිස්ත්‍රීක්කයට සන්ධානයෙන් ඉදිරිපත්වන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එදින පස්වරුවේ පැවැත්වෙන මංගල රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
සන්ධාන ලැයිස්තුවට දූෂිතයින් ඇතුළත් කළේ ඇයිදැයි සුසිල් හෙළි කළයුතුයි - අතාවුද සෙනෙවිරත්න
මහා මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානය සකස් කළ නාමයෝජනා ලැයිස්‌තුවලට දූෂිතයන් සහ හොරුන් ඇතුළත් කළේ ඇයි දැයි එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් වරයා රටට වහාම හෙළිකළ යුතු යෑයි හිටපු අමාත්‍ය කෑගල්ල දිස්‌ත්‍රික් එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්‌ඩායම් නායක අතාවුද සෙනෙවිරත්න මහතා පැවසීය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (16 දා) දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. ඇය දිවයිනට පැමිණීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ අදහස් පළ කිරීමක් සිදුකරනු ඇතැයි ද එම ආරංචි මාර්ග පැවැසීය.
මුල්කිරිගල ආසනයේ ප්‍රධාන සංවිධායකවරිය ලෙස මහින්ද රාජපක්ෂගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියට නැවත ප්‍රදාන කිරීම මඟින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ පවුල තුලද අර්බූදයක් ඇති කිරීමට සමත්ව තිබේ.මහින්ද රාජපක්ෂ, නිරූපමාට හම්බන්තොට දේශපාලනය කිරීම තමන්ගේ සීමාවට යටත් කොට තිබිණි.මේ නිසා ඇය මහින්ද රජපක්ෂ බාපොච්චා සමඟ සිටියේ දැඩි කලකිරීමකිණි.
අනුර යාපා කැඳවූ ශ්‍රිලනිප මධ්‍ය කාරක සභා හමුව ජනපති අවලංගු කරයි.
අද රාත‍්‍රී 08.00 කොලඹ පදනම් ආයතනයේ කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුව පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ.
එම පක්‍ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙම විශේෂ හමුව කැඳවා තිබුනේ ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ගෙන් ලද ඉල්ලීම මතයි.
කබ්රාල් ,ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නොවේ, රත්තරන් හොරකමයි
මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.
ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටි එ.ජා.ප. ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 28 තෙක් රිමාන්ඩ්ගත කිරීමට පැල්මඬුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියම කෙළේය.
ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය! - ලයනල් බෝපගේ
ආදරනීය මිතුරනි,
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය!
මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් රැළකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අවලාද සියල්ලට අද දින සිංහ ලීලාවෙන් පිළිතුරු දී සිය හොඳ නම ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ උත්සහය මේ වන විටත් සාර්ථකව ඇති බව සමාජ ජාලාවල දැක්වෙන ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලිය.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කල ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිබේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝ මහතා අද දින එජපයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී. අද එජාප මැතිවරන ප්‍රචාරක ව්‍යාපරය ආරම්බ කරමින් මහනුවර පැවැති රැළියේදී ඔහු එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
