subash

subash

මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය, රටේ ආරක්ෂාව  ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී උත්සවයක් අමතමින් ඊයේ (26) ප්‍රකාශ කළේය. 
 
ලලිත් එල්ලාවලට හරසර පිදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.
 
1980 දීත් උතුරේදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු කීවේය.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අභියෝග කර සිටී.

 මහින්ද රාජපක්‍ෂ මහතාට ද්වේෂ සහගත ලෙස අපහාස කිරීමට එරෙහිව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්‌ඩාර, රන්ජන් රාමනායක සහ ගායක සුනිල් පෙරේරා යන මහත්වරුන්ගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇතැයි නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

සමුගත් ‍තෙලි තුඩ

Published in කලා
Monday, 27 July 2015 08:34

‘‘රෙක්ස් කොඩිප්පිලි හිස බූගායි’’ කාලවකවානු අමතක වුව ද පුවත්පතක තිබූ මේ සිරස තාමත් මතක ය. රෙක්ස් කොඩිප්පිලි සිය හිස බූ ගෑවේ ගාමිණී හේවාවිතාරන අධ්‍යක්ෂණය කළ ‘‘රක්තා’’ චිත්‍රපටයේ රක්තා ගේ පියා ගේ (එම චරිතයේ නම මේ මොහොතේ සිහිපත් නොවේ) චරිතයට පණ පෙවීම සඳහා ය.

නව දේශපාලන ප්‍රවණතා සහ වෙනස් වීම් ඉදිරියේ ලෝකයේ දියුණු ව්‍යවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බැවින් තම නායකත්වය නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා පවසන්නේ.

2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී  ඊට සහභගී වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, එක ‍රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් රුපියල් 674,842 යි සත 69 ක් වැය කොට ඇතැයි හෙලිව තිබේ. මෙම මුදල ගෙවා ඇත්තේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු නිල ක්‍රෙඩිට් කාර්ඩ් පතෙනි. එහි අංකය 4862 9600 0000 0509 වේ.

කාටූන් හා චිත්‍ර කථා කලාවේ පුරෝගාමියකුවූ දයා රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූරාපෙක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ‍රැස්වීම් නැරඹීම සඳහා ජනතාව පොදි කකා එන බව මේ දිනවල රජපක්ෂ හිතවාදී වෙබ් අඩවි වලත් ෆේස් බුක් වැනි සමාජ ජාලාවලත් ඡායාරූප හා වීඩියෝ සිය ගන්නනින් ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

 ඊයේ දින (25) රාත‍්‍රී 1ට පමණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් වන ඩබ්ලිව්. එච්. කේ. රංජන් මහතාගේ නිවසේ පිහිටි කාර්්‍යාලයට පිරිසක් විසින් ගිනිතබා ඇත.

දියේ ගිලී මියයෑම් අතරින් ලොකයේ වැඩිම මරණ අනුපාතයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. ඒ අනුව දිනකට මරණ තුනක්වත් සිදුවන බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (LSASL) පවසයි. අනතුරු හැඟවීම් නොසලකා අවදානම් කලාපවල දිය නෑමට යාම, බීමත්කම හා වෙනත් ශරීරාබාද තිබියදී වැව් හා මුහුදේ දිය නෑමට යාමෙන් සිදුව ඇති විපත් ආදී වශයෙන් මෙම තත්වය උත්සන්න වී තිබේ.

Connet With Us