subash

subash

එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආධාරකරුවෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර රබෑව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමයේ හරය මූලික වශයෙන් මෙහෙයැවෙන්නේ පරායත්ත අනුග්‍රාහක ක්‍රමයක් මතයි. 1931 දී සර්වජන ඡන්ද බලය ලද දා පටන් මහජනතාව කටයුතු කොට ඇත්තේ, තම ආසනවල හෝ දිස්ත්‍රික්කවල සිටින දේශපාලඥයන්ගෙන් අතමාරු අනුග්‍රහ ලබන මිනිසුන් වශයෙනි. අසවල් දේශපාලඥයාට ඔවුන් සිය ඡන්දය පාවිච්චි කරන්නේ, සමහර විට රැකියාවක් අපේක්ෂාවෙන් විය හැකිය. නැත්නම්, දරුවාව හොඳ පාසලකට දමා ගැනීම සඳහා විය හැකිය. එසේත් නැතහොත්, රජයේ යම් කොන්ත්‍රාත්තුවක් අපේක්ෂාවෙන් විය හැකිය.

ව්‍යාජ උපන්දින සහිත උප්පැන්න සහතික සකස් කර රාජ්‍ය ලේඛන සම්බන්ධයෙන් වංචාවක් කිරීමත්, වරදක් බව දැන දැන ම එම ලෙඛන පාවිච්චි කිරීමත් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට හා ඔහුගේ බිරිඳවන ශෂී වීරවංශ මහතාට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ අවසන් කර එම ලිපි ගොනුව නීතිපතිවරයා එත භර දී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක ‍රැස්වීම් වේදිකාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31)දින එක් වී සිටියේය.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රධාන පෙළේ නායකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් රාඩා ආයතනයේ මුදල් වංචා කිරීම මඟින් සාපරාධී විශ්වාසය කඩකිරීම සහ මහජන මුදල් අයථා පරිහරණය යටතේ වරෙන්තුවකින් තොරව වුවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතැයි නීතිපතිවරයා ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මළ සිරුර ගොඩගෙන යලි පරීක්ෂණ අරඹන ලෙස අධිකරණය දුන් නියෝගයත් සමග මහින්ද රාජපක්ෂ සහ හෙන්චයියන් විශාල තැති ගැන්මකට පත්ව සිටිති.

ඒ බව ඊයේ සුසිල් ප්‍රේමජයන්ත හදිසියේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැක්වූ අදහස්වලින් මොනවට පැහැදිලි වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සිදු කරණු ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම්පාසල් සඳහා මුදල් බෙදා දෙන වැඩ සටහනකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් යොදා ගනිමින් තිබේ.

එක්‌සත් ජාතික පෙරමුණට ඡන්දය දීමට අකමැති උදවිය ජනතා විමුක්‌ති පෙරමුණට ඡන්දය දෙන්නැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ විකල්ප කණ්‌ඩායමේ සභාපති ඩී. ඩබ්ලිව්. සුබසිංහ මහතා ඉල්ලා ‌ සිටියේය.

යළි ඉඳිකිරීම සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) මුදල් අයථා ලෙස පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කිරීමට ඉඩ ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එලි දක්වමින් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා සිටින නමුත් ඊට එක්සත් ජාතික පෙරමුණ එකඟත්වය පල නොකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පෙරේරා ප්‍රකාශ කරයි.

Connet With Us