සජිත්ගේ ඡන්ද ව්‍යාපාරයට ටෙලිකොම් සල්ලි !

Published in පුවත්
Thursday, 30 July 2015 17:57

හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ අංගයක් ලෙස සිදු කරණු ලබන හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහම්පාසල් සඳහා මුදල් බෙදා දෙන වැඩ සටහනකට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් යොදා ගනිමින් තිබේ.

දහම් පාසල් 432ක් සඳහා රුපියල් 25,000 ගනනේ මෙම පොසොන් පොහෝදා බෙදාහැරීම සඳහා යනුවෙන් මෙම මුදල ඉල්ලා ඇති අතර ඒ සඳහා ටෙලිකොම් ආයතනයේ අනුමැතිය ද ලැබී තිබේ.

ටෙලිකොම් ආයතනය අර්ධ රාජ්‍ය සමාගමක් වන අතර, එහි සභාපතිවරයා වන්නේ ජනාධිපතිවරයාගේ සොහොයුරු කුමාරසිංහ සිරිසේන මහතාය. මෙම ආයතනය මංගල සමරවීර ඇමැතිවරයාගේ විෂය පතයට අයත් ආයතනයකි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙම ආයතනයේ මුදල් කෝටී ගන්නක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගත් බව අප විසින් දිගින් දිගටම තොරතුරු හෙළි කළ අතර එම කිසිදු චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ පැවැත්වූයේ නැත. එමෙන්ම නව සභාපතිවරයා ද එම ආයතන්යේ දුෂිත නිළධාරීන් සමඟ සමීප ඇසුරක් පවත්වමින් සිටින බවද හෙළි විය.

ඒ කෙසේ නමුත් ටෙලිකොම් ආයතනයේ මුදල් සජිත් ප්‍රේමදාසගේ හෝ වේවා අන් කවරෙකුගේ හෝ වේවා මැතිවරන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට අයිතියක් නැත. එම මුදල රටේ ජනතාවට අයත් දෙපලකි. එනම් රජයේ දේපලකි. පොසොන් පොදා පින්කමක් ලෙස මේ කෙනෙකුට අර්ථ ගැන්විය හැකි මුත් හිටපු ජනාධිපතිවරයාද මෙලෙස සිල් රෙදි සිවුරු ආදිය මැතිවරණය වෙනුවෙන් බෙදා හැරියේය.

යහපාලනය ඇති කරන්නේ යයි කියමින් බලය ලබාගෙන රාජපක්ෂලා කළ මජර පාලන ක්‍රමයටම නැවතත් පාලකයෝ ඇදී යමින් තිබීම මෙරටේ ජනතාව ගොනාට ඇන්ද වීමකි.මෙවැනි දේශපාලන තක්කඩින්ට යළි බලය ලබා දෙන්වාද යන්න ජනතාව කල්පනා නොකළ හොත් රෑ වැ‍ටුන් වළේ මහ දවාලෙත් වැටීමක් වනු ඇත..

 

Daham-Pasal-Fund-1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us