තාජුඩීන්ගේ මළසිරුර ගොඩ ගන්නවාට සුසිල් බය ඇයි ?

Published in පුවත්
Thursday, 30 July 2015 23:51

ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ මළ සිරුර ගොඩගෙන යලි පරීක්ෂණ අරඹන ලෙස අධිකරණය දුන් නියෝගයත් සමග මහින්ද රාජපක්ෂ සහ හෙන්චයියන් විශාල තැති ගැන්මකට පත්ව සිටිති.

ඒ බව ඊයේ සුසිල් ප්‍රේමජයන්ත හදිසියේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දැක්වූ අදහස්වලින් මොනවට පැහැදිලි වෙයි.

එහිදී ඔහු පුනපුනා කීවේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කිරීමෙන් පසුව වළලා දැමූ මෘත දේහයක් යළි ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි. තමන් නීතිඥයෙකු ලෙස වසර ගණනක පලපුරුද්දක් ඇති අයෙකු බවට ද ඔහු පුරසාරම් දෙඩීය.

එහෙත්, 1979 අපරාධ විධිවිධාන පනතේ වගන්ති නොදන්නා අධිනීතිඥ සුසිල් ප්‍රේම්ජයන්තට එය වටහා දිය යුතුව තිබේ. එම පනත අනුව සැකසහිත මරණයක් පිලිබදව පරීක්ෂණ පැවැත්වීම සදහා මෘත ශරීරයක් ගොඩගැනීමටත් ඒ පිලිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමටත් නීතියෙන් ඉඩකඩ ලබා දී ඇති බව නොදන්නා සුසිල් ප්‍රේම්ජයන්ත බියවී නන් දොඩවමින් සිටී.

අදාළ ක්‍රීඩකයා පහර දී ඝාතනය කර ඇති බවට සැකකරන බව පොලීසිය අධිකරණයට දන්වා ඇත.

 

lankaleaks.info ඇසුරෙණි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us