subash
රාජ්‍ය සේවක අවම වැටුප දවසෙන් දවස ඉහළ යයි, දැන් 35,000ක ලන්සුවක්
උදය ගම්මන්පිල ඊයේ, අගොස්තු 18 වෙනිදායින් පසුව මහින්ද රාජපක්ෂ සහ චෞර නඩය සමඟ පිහිටුවන නව ආණ්ඩුවෙන් ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කොට නීතියේ සාධාරණත්වය ඉටු කරන බවට කළ කාලකණ්නි මජර ප්‍රකාශයට ප්‍රගීත් එක්නැලිගොඩ ගේ වැඩිමහල් පුත්‍රයා ඔහුගේ ෆේස් බුක් පිටුවෙන්, උදය ගම්මන්පිලට කන පැලෙන උත්තරයක් ලබා දී තිබේ.
වෙබ්කාරයෝ ටික තුරන් කරලා දාන්න ඔනේ. - හිටපු බුද්ධි අංශ ලොක්කා කියයි
පසුගිය 20 වන දින කුරුණෑගල, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී, දිනපු ගමන් වෙබ් කාරයන්ව තුරන් කර දැමිය යුතු බව හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරන විසින් පවසා ඇති බව අප වෙත වාර්තාවේ. මෙම සාකච්ඡාව සඳහා ගොඨාබය රාජපක්ෂ, චන්ද්‍රා වාකිෂ්ඨ, කීර්ති ගජනායක ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ.
පාක්ෂිකයෙක් රත්තරන් ගැන අහයි.. මහින්ද පහර දී පැන ගනියි(video)
අකුරැස්ස නගරයේ අද මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැළියකට මහින්ද රාජපක්ෂ මහතා පැමිණීමේදී සන්ධානයේ පාක්ෂිකයකු විසින්ම රාජපක්ෂ මහතාගේ අත ඇගිල්ලක දමා තිබු විශාල ප්‍රමාණයේ මුද්ද අල්ලා මේ එල්ටීටීඊයෙන් ගත්ත රත්තරන් නේදැයි අසා ඇති බව එහි සිටි මාධ්‍යවේදියකු අප වෙත පැවැසීය.
ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ රැස්වීමක් අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරඇත.
ඊයේ රාත්‍රී 7.30ට පමණ පොලීසිය මිරිහාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් වෑන් රථය මේජර් ජෙනරල් ප්‍රසන්න සිල්වාගේ ආරක්ෂාවට යොදවා ඇති එකක් බව හෙළිව තිබේ. පසුගිය රාජපක්ෂ සමයේදී රාජපක්ෂවරුන්ගේ හෙංචයියකු ලෙස මෙම මේජර්වරයා කටයුතු කළ අතර ඔහුට ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත්වීමක්ද ලබා දෙන ලදී.
මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා, මෛත්‍රී අනුරට කියලා
සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ කෝටි 16.9 ක මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිටපු ජනධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බව තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(20) කුරුණෑගල පැවැති රැලියකදි ප්‍රකාශ කර ඇත.
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් එක්වීමට නියමිතය. මේවන විට මේ සම්බන්ධයෙන් එකසත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වන සාකච්ඡාවකින් පසුව එජාපෙරමුණේ වේදිකාවට එක් වීමට නියමිතය.
ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.
