එක්නැලිගොඩගේ පුතාගෙන් ගම්මන්පිලට කන පැලෙන උත්තරයක්

Published in පුවත්
Wednesday, 22 July 2015 20:46

උදය ගම්මන්පිල ඊයේ, අගොස්තු 18 වෙනිදායින් පසුව මහින්ද රාජපක්ෂ සහ චෞර නඩය සමඟ පිහි‍ටුවන නව ආණ්ඩුවෙන් ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම් සම්බන්ධයෙන් කොමිසමක් පත් කොට නීතියේ සාධාරණත්වය ඉ‍ටු කරන බවට කළ කාලකණ්නි මජර ප්‍රකාශයට ප්‍රගීත් එක්නැලිගොඩ ගේ වැඩිමහල් පුත්‍රයා ඔහුගේ ෆේස් බුක් පි‍ටුවෙන්, උදය ගම්මන්පිලට කන පැලෙන උත්තරයක් ලබා දී තිබේ.

මේ පහත දැක්වෙන්නේ එයය,


උදය ගම්මන්පිල වෙත ලියමි,

පළමුව, අපි බත් කන ගොනුන් නොවන වග ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි. අපේ තාත්තාව අපෙන් උදුරාගත්තේ 2010යෙ ජනවාරි 24 වෙනිදා. එතකොට බලයේ හිටියේ තමුන් හා දැනටත් තමුන් සහය දක්වන පිරිස බවත් එතැන් සිට පසුගිය ජනපතිවරණය දක්වා වන කාලය තුල මගේ තාත්තා ගැනවත් ලසන්ත වික්‍රමතුන්ග ගැනවත් සෙවීමට උඹලාට කිසිදු උවමනාවක් නොතිබුන බවත් අපිව නිශ්ශබ්ද කිරීමට උඹලා නොයෙකුත් අයුරින් අපහාස හා තර්ජනයන් කළ බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි! ඇත්තෙන්ම! ඔබට අවංක උවමනාවක් තිබුනානම් ............ එය කිරීමට අවරුදු පහක කාලයක් තිබුණු බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි ...!

අවරුදු පහක් තිස්සේ උඹලා නොකරපු දෙයක් ඉෂ්ඨ කරගන්න නැවතත් උඹලාට බලය පැවරීමට තරම් අපි තකතීරුවන් නොවෙමු! උඹ කොතරම් හැඩුවද ............... උඹ සහ උඹ සහය දක්වන පිරිස කිඹුලන් බව අපි දැනගත්තේ මීට බොහෝ කලකට ඉහතදීයි.....! රෑ වැටුන වලේ දවාලෙත් වැටෙන්න අපි සූදානම් නම් නැති වග සොරමුලේ නායක මහින්ද රාජපක්ෂ ට දැනුම්දෙනු කැමැත්තෙමු!

.ප.ලි. : ඔබ "දුමින්ද සිල්වා සින්ඩ්‍රෝමයේ" රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා කරුණාකර ඔබගේ වෛද්‍ය තුමන් මුණගැසෙන්න.

සංජය එක්නැලිගොඩ.

Last modified on Wednesday, 22 July 2015 20:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us