වෙබ්කාරයෝ ටික තුරන් කරලා දාන්න ඔනේ. - හිටපු බුද්ධි අංශ ලොක්කා කියයි

Published in පුවත්
Wednesday, 22 July 2015 17:37

පසුගිය 20 වන දින කුරුණෑගල, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී, දිනපු ගමන් වෙබ් කාරයන්ව තුරන් කර දැමිය යුතු බව හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වූ කපිල හෙන්දවිතාරන විසින් පවසා ඇති බව අප වෙත වාර්තාවේ. මෙම සාකච්ඡාව සඳහා ගොඨාබය රාජපක්ෂ, චන්ද්‍රා වාකිෂ්ඨ, කීර්ති ගජනායක ඇතුළු පිරිසක්ද සහභාගි වී තිබේ.

මෙහිදී ගොඨාභය රාජපක්ෂ විසින් පවසා ඇත්තේ පුවත්පත් හා ටීවී රේඩියෝ වලින් තමන්ට ප්‍රශ්නයක් නැතත් වෙබ් අඩවි කිහිපයක් විසින් පවත්වාගෙන යන රාජපක්ෂ විරෝධය, මැතිවරණ ව්‍යාපාරයට බරපතල හානියක් සිදු කරන බවය.

පසුගිය කාලයේ රාජපක්ෂ විරෝධී වෙබ් අඩවි තහනම් කර, වෙබ් කරුවන් කිහිපදෙනෙකු අත් අඩංගුවට ගැනීම් සිදු වූවත් ඔවුන් ඒ කටයුතු නැවැත්තුවේ නැති බවත් එය ජනාධිපතිවරණයේදී ඉතා තදින් බලපෑ බවත් මෙහිදී වාකිෂ්ඨ හා ගජනායක විසින් පෙන්වා දී තිබේ.

මෙවර තමන්ට ලැබී තිබෙන බුද්ධි අංශ වර්තා අනුව සන්ධානයට දිනන්නට නොහැකි වුවත් යම් කිසි විදිහකින් දිනුවොත් ඉස්සෙල්ලාම මේ වෙබ් කාරයන්ව තුරන් කළ යුතු බව හෙන්දවිතාරන පවසා ඇත. ෆෙස්බුක් සමාජ ජාලයට රාජපක්ෂ විරෝධී පුවත් මුදා හරින්නේද මේ වෙබ් කාරයන් කිහිප දෙනා බවත් ඔවුන් වැඩි දෙනෙක් එජාපය හා එක්ව මේ කටයුත්තේ නියැලෙන බවත් හෙන්දවිතාරන නම් ගම් සහිතව පවසා තිබෙන බව අපහට මෙම තොරතුරු ලබා දුන් අය පැවැසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us