ප්‍රභාකරන්ව මැරුවෙ මහින්දට මුණ ගැස්වීමෙන් පසුවයි, කරුණාගෙන් හෙළිදරව්වක්

Published in පුවත්
Wednesday, 22 July 2015 15:44

“මා දන්නා තරමින් දෙමළ ජාතික සන්ධානයේ සිටින පුද්ගලයින් අතරින් ආර්.සම්බන්ධන් අවංක දේශපාලඥයෙකි. ඔහු යථාර්තවාදීව කටයුතු කරන පුද්ගලයෙකි. සුමන්දිරන් මන්ත්‍රීවරයා, දෙමළ ජනතාවට කුමක් හෝ යහපතක් සිදුකල යුතුය යන අරමුණින් කටයුතු කරමින් සිටියි. නමුත්, විමුක්ති කොටි සංවිධානය විසින් දේශපාලනයට යොමුකල ඇතැම් පුද්ගලයින් ඒ සියල්ල විනාශ කර දැමීමේ අරමුණින් කටයුතු කරමින් සිටියි. ඔවුන් කව්රුන්ද? යන්න ඔබ සියළුදෙනා දන්නා කරුණකි.

මේ සම්බන්ධයෙන් කතා කිරීම හේතුවෙන්, මා දෙමළ ජාතික සන්ධානයට සහයෝගිව කතා කරන පුද්ගලයෙක් බව ඔබලා නොසිතිය යුතුය. මහින්ද රාජපක්‍ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පිළිබඳව විශාල ‍ගරුත්වයක් තබා තිබූ බව මා දන්නෙමි. සම්බන්ධන්ට කොටි සංවිධානය පිළිබඳව කැමැත්තක් නොතිබුණි. නමුත්, කොටි සංවිධානය විසින් තමන්ට සහ අනෙකුත් දේශපාලඥයින්ට කුමක් හෝ අනතුරක් සිදුකරනු ඇතැයි යන බියෙන් ඔහු විමුක්ති කොටි සංවිධානයේ නියෝග වලට අනුව කටයුතු කල බව මා ඒ අවස්ථාවේදීම දන්නෙමි.
විමුක්ති කොටි සංවිධානය විනාශ කල හේතුවෙන්, දෙමළ ජනතාවට මේ වනවිට නිදහසේ ජීවත්වීමට හැකිවී ඇත. අවසන් සටනේදී, හමුදාව විසින් ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත් බවට කරන ප්‍රකාශය 100% ක් සත්‍යයකි. නමුත්, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් අත් අඩංගුවට ගත්තේ කෙසේද? යන්න මා නොදන්නෙමි. ප්‍රභාකරන්ව ඝාතනය කල පසු, මා රැගෙනගොස් ඔහුගේ මළසිරුර පෙන්වන ලදි. ප්‍රභාකරන්ව දැඩි වදහිංසාවට ලක්කල පසු, ඝාතනය කර ඇති බව එම අවස්ථාවේදී මට වැටහුණි.

ප්‍රභාකරන් මියගිය බව විශ්වාස නොකරන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු, මෙම සිදුවීම සත්‍යයක්ද? යන්න මාගෙන් විමසූ අවස්ථාවේදී, මට සිනහවක් නැගුණි. ප්‍රභාකරන්ගේ මළසිරුර දුටු අවස්ථාවේදී, මට දරාගැනීමට නොහැකි වේදනාවක් ඇතිවුනෙමි. නමුත්, දෙමළ ජනතාවට සාමකාමී අන්දමින් ජීවත්වීමට හැකි බව හැගුණ හේතුවෙන්, මා එය දරාගත්තෙමි. ප්‍රභාකරන්ගේ මළසිරුර පරීක්‍ෂා කර පැමිණ, දින දෙකකට පසු, ප්‍රභාකරන්ව ජීවග්‍රහයෙන් මහින්ද රාජපක්‍ෂ වෙත රැගෙන ගිය බවත්, මහින්ද රාජපක්‍ෂ ප්‍රභාකරන්ට පහරදුන් බවත් ප්‍රධාන සිංහල දේශපාලඥයින් දෙදෙනෙකු මා හට ප්‍රකාශ කළෙමි.

මේ සම්බන්ධයෙන් මා එක් අවස්ථාවකදී, මහින්ද රාජපක්‍ෂගෙන් විමසීමක් කල අවස්ථාවේදී, මහින්ද රාජපක්‍ෂ එයට සිනහවකින් පිළිතුරු ලබාදී, වෙනත් කරුනු පිළිබඳව කතා කලේය. ඉන් අනතුරුව, ඒ සම්බන්දයෙන් මා ඔහුගෙන් විමසුවේ නොමැත. ප්‍රභාකරන්, තම බිරිඳ සහ දියණයව ජීවග්‍රහයෙන් හමුදාව වෙත භාරකිරීම ඔහු සිදුකල සම්පූර්ණ මෝඩකමකි. අවසන් සටනේදී ප්‍රභාකරන්, තම බිරිඳ සහ දරුවන් ඔහු සමග තබාගෙන සිටිනු ඇතැයි යන්න මා විශ්වාස නොකලෙමි.

පසුව සියළු දේ මට වැටහුණි. භාරවූ විමුක්ති කොටි නායකයින් සියළුදෙනා බලු පැටවුන් මෙන් ජීවග්‍රහයෙන් අප පාමුල හඩා වැලපුණු බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කල අවස්ථාවේදී, භාරවූ කොටි නායකයින් පිළිබඳව මට දැඩි කෝපයක් ඇතිවුනෙමි. මට ද්‍රෝහියා ලෙස ප්‍රකාශ කල පුද්ගලයින්, හමුදාවට මේ ආකාරයෙන් භාරවී ඇති බව දැනගැනීමට ලැබුනු අවස්තාවේදී, මට ඔවුන් පිළිබඳව දැඩි කෝපයක් ඇතිවුනෙමි” යනුවෙන් කරුණා අම්මාන් ප්‍රකාශ කර ඇත.


lankatnews

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us