මහින්ද දුප්පතුන් තවත් දුප්පත් කරමින් සුපිරි ධනවතුන් පිරිසක් බිහිකළා

Published in පුවත්
Wednesday, 22 July 2015 15:40

මහින්ද රාජපක්ෂගේ පාලන සමය තුළ මෙරට දුප්පතුන් තවත් දුප්පතුන් බවට පත්වූ බවත් ධනවතුන් සුපිරි ධනවතුන් වූ බවත් මහින්ද රාජපක්ෂ ජනතාව වෙනුවෙන් කියා ඉදිරිපත් කල මහින්ද චින්තනය මගින් සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ ගජමිතුරු ධනවාදය පෝෂණය කිරීම බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතික පෙරමුණු මධ්‍යස්ථානයේ අද(22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රාජපක්ෂ අාණ්ඩු සමය තුළ අාදායම් බෙදී යාමේ විෂමතාවය වැඩිවූ බවත් පහළ අාදායම් ලබන 20%ක් වූ ජනතාවට මුලු අාදායමෙන් ලැබුණු 4%ක් වූ අාදායම ඒ ප්‍රමාණයේම පැවතුනු බවත් වැඩිම අාදායම ලබන 20%ක්වූ පිරිස මුලු අාදායමෙන් 50%ක් හිමි කර ගත් අතර රාජපක්ෂ සමයේ ඔවුන්ට හිමිවූ ඒ අාදායම 55% දක්වා වැඩිවූ බවත් පැවසුවේය.

මේ අනුව පැහැදිලි වන්නේ දුප්පතුන් තවත් දුප්පතුන් ලෙසම තැබූ රාජපක්ෂලා පෝසතුන් තවත් පෝසතුන් කර අැති බවත් සුපිරි ධනවතුන් ලෙස කුඩා කණ්ඩායමක් බිහිකර අැති බවත් පැවසුවේය.

දැවැන්ත අාර්ථික විප්ලවයක් සදහා යහපාලන එක්සත් පෙරමුණ සූදානම් බවත් ඒ හරහා සාමාන්‍ය මිනිසුන්ගේ අාර්ථිකය නැංවීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසුවේය.

රාජපක්ෂ අාණ්ඩුව ඔවුන්ගේ කාර්යය භාරය පුළුල් කරනු ලැබුවේ ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා වූවත් තම රජය යටතේ ජනතාව සදහා පුළුල් කාර්ය භාරයක් ඉටු කිරීමට සුදානම් බව පැවසුවේය. පසුගිය අාණ්ඩුව කටයුතු කර අැත්තේ ජනතාවට නොව ඔවුන්ට සම්බන්ධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් තර කිරීමට බව පැවසුවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නව ලිබරල්වාදයට විරුද්ධ බව ප්‍රකාශකරමින් පොදු ජනතාව උදෙසා මහින්ද චින්තනය දියත් කළ බව පැවසුවද දැන් ඔවුන් දියත් කළ සංවර්ධනයේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී අැති බව පැවසුවේය.

දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව කලාපයේ රටවල් අතර අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට අඩුවෙන්ම වියදම් කළ රට බවට ලංකාව හදුනාගත හැකිවී අැති බවත් පැවසුවේය.

රාජපක්ෂලාෙග් සංවර්ධන ව්‍යාපෘති අතරින් වනාතමුල්ලේ දෙමළගොඩ ප්‍රදේශයේ තට්ටු නිවාස ව්‍යාපෘතිය දැක්විය හැකි බවත්, එවායේ පිරිවැය ලෙස බොරු මිලක් ඉදිරිපත් කළ බවත් පාර්ලිමෙන්තුවේදී ඒ සදහා වූ පිරිවැය ලක්ෂ 70ක්වූ බවත් පැවසූවත් දැන් ඔවුන්ගේ රෙදි ගැලවී අැති බවත් ඒ සදහා ගිය සැබෑ පිරිවැය ලක්ෂ 30 බව හෙළිදරව් වූ බවත් පැවසුවේය.

රජයේ අායතන හෙන්චයියන්ට භාරදී බැංකු ගිණුම් තර කරගෙන මිනිසුන්ට හොද මුහුණක් පෙන්වා යටින් ධනවාදී ගජමිතුරු ප්‍රතිපත්තියක් ගෙන ගිය අතර උපක්‍රමශීලීව ප්‍රධාන පෙළේ බැංකු අල්ලා ගෙන දූෂිතයින්ගේ ගුහාවල් වූ අාර්ථික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය දියත් කළ ව්‍යාපෘති වලට සමාන්‍ය ජනතාවගේ තැන්පතු ක්‍රමවේදයකින් තොරව යොදවා ගත් බවත් පැවසුවේය.

රාජපක්ෂලා දැවැන්ත සංවර්ධනයක් සිදු කරන බව පවසමින් අායෝජනය කළ මුදල් වලින් විශාල ප්‍රමාණයක් අාගිය අතක් නැති අතර ඔවුන්ගේ මේ සුදු කරපටි වංචා දැන් හෙළිදරව් කර ගෙන යමින් පවතින බවත් පැවසුවේය.

දැන් රටට අාර්ථික සාධාරණත්වයක් අවශ්‍ය බවත් යහපාලනය සදහා වූ එක්සත් පෙරමුණ මේ අසීරු අභියෝගය භාරගන්නා බවත් එය හෙට දින එළි දකින බවත් පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී සමාජ සාධාරණත්වය සමග වෙළදපල තරගකාරීත්වය අතර සුසංයෝගයක් අැති කර ලංකාව තිරසාර සංවර්ධන මාර්ගයක රැගෙනයාම සදහා කටයුතු කරන බව පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us