මිරිහානේ සුදු වෑන් රිය හමුදාවට අයිති එකක්

Published in පුවත්
Thursday, 23 July 2015 09:41

මීට දින දෙකකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් වෑන් රථය යුද්ධ හමුදාවට අයත් එකක් බවත් එහි සිටි සෙබළුන් අත තිබූ පිස්තෝලය මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා විසින් වසර 15ක් තිස්සේ භාවිතා කරන ඔහුට යුද හමුදාවෙන් ලබාදුන් පෞද්ගලික ගිනි අවිය බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

යුද්ධ හමුදාවේ යු.හ. අංක 59466 දරන වෑන් රථය මිරිහාන ප්‍රදේශයේදී පසුගියදා සැරිසරන අවස්ථාවේ එක්තරා කොන්ත්‍රාත් සමාගමකට අයත් වාහනයක අංකයක් යොදා ගෙන තිබූ බවට අනාවරණය වී ඇත.

එහි සිටි හමුදා සෙබළුන් තිදෙනා යුද්ධ හමුදා කොමාන්ඩෝ බලකායට සහ පාබල රෙජිමේන්තුවට අයත් අය වෙති.

මොවුන් මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතාට යුද්ධ හමුදාවෙන් ලබාදුන් පෞද්ගලික ආරක්ෂකයන් හෙවත් බඩියන් බවද පරීක්ෂණවලදී අනාවරණය වෙයි.

මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා මහතා මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ වගකිවයුතු තනතුරක් දරමින් සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධව විශේෂ අවධානය යොමු කර ඇති ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් යු.පී.ඩී. බස්නායක මහතාත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාත් මේ වන විට ඒ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට යුද්ධ හමුදා පොලිසියට නියෝග කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.

මෙම පරීක්ෂණයට අමතරව මිරිහාන පොලිසිය මඟින් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන ලෙස යුද්ධ හමුදාපතිවරයා යුද්ධ හමුදා පොලිසියට උපදෙස් ලබාදී ඇත.

ඔහු මෙම සිද්ධිය සම්බන්ධව මිරිහාන පොලිසියට ගොස් ඊයේ කටඋත්තරයක් ලබාදී ඇත.

හමුදා සෙබළුන් ‍තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා ඇතත් දැනට යුද්ධ හමුදා පොලිසිය බාරයේ සිටියි.

මෙම නිලධාරියා සහ සෙබළුන් තිදෙනා මෙම සිද්ධිය හරහා ‍යම් කිසි වරදක් සිදු කර තිබුණහොත් ඔවුන්ගේ තරාතිරම නොබලා යුද්ධ හමුදා නීතිය හමුවේ විභාග කර යුද්ධ හමුදා නීතිය යටතේ දැඩි දඬුවම් පමුණුවන ලෙසද යුද්ධ හමුදාපතිවරයා යුද්ධ හමුදා පොලිසියට උපදෙස් ලබාදී ඇත.

මෙම ව්‍යාජ අංක සහිත යුද්ධ හමුදා වාහනය කාලයක් තිස්සේ යුද සෙබළුන් ප්‍රවාහනය කිරීමටද යොදා ගෙන තිබූ බව බ්‍රිගේඩියර් ජයවීර මහතා පවසයි. මෙම වාහනය මෙසේ සැකසහිත ලෙස පොලිසියකට හසුවූ ප්‍රථම අවස්ථාව මෙය බව පවසන බ්‍රිගේඩියර් ජයවීර මහතා එම වාහනය යුද්ධ හමුදාව වෙනුවෙන් මිලදී ගත් එකක්ද නැතහොත් උතුරේ සිට ගෙන එන ලද එකක්ද යන්න ඉදිරි පරීක්ෂණවලදී පැවසිය හැකි බවද කීය.

හමුදාව සතු වාහනවලට ඇතැම් නිලධාරීන් ඇතැම් අවස්ථාවල සිවිල් අංක සහිත අංක තහඩු යොදා ගන්නා අවස්ථා ඇතත් එසේ නොකරන ලෙසට යුද්ධ හමුදා මූලස්ථානය නිරතුරුවම නියෝග නිකුත් කර තිබේ.

මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට ඔහුගේ පෞද්ගලික ගිනි අවිය ආරක්ෂක අමාත්‍යාංශය හෝ වෙනත් තහනම් කර ඇති ස්ථානවලට ගෙන යා නොහැකි අතර එවැනි අවස්ථාවකදී පමණක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාට බාරදිය හැකි වෙයි. එම නිලධාරියාද ගිනි අවි පාවිච්චිය පිළිබඳව පූර්ණ පුහුණුවක් ලැබූ අයකු විය යුතු වෙයි.

මෙම ව්‍යාජ අංකය සහිත වාහනය යම් කිසි දේශපාලන කටයුත්තකට හෝ යම් පුද්ගලයකුගේ ආරක්ෂාවට එරෙහිව යොදා නොගත් බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

දැනට යුද්ධ හමුදාව මෙම සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණ පිළිබඳව තොරතුරු හෙළි කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර, යුද්ධ හමුදා විනිසුරු අධිනීතිඥ ආර්.ජී. රාජපතිරණ සහ යුද්ධ හමුදා නීති අධ්‍යක්ෂ කර්නල් ඊ.එම්. ජයසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවැත්විණි.

යුද්ධ හමුදා පොලිසිය මේ සම්බන්ධව පවත්වන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ ගතයුතු ක්‍රියාමාර්ග ගන්නා බවද බ්‍රිගේඩියර් ජයවීර මහතා කීය.

dinamina

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us