ජවිපෙ, අයිටීඑන් එකට ලක්ෂ 08 ගෙව්වාට විමල් පරල වෙලා

Published in පුවත්
Thursday, 23 July 2015 17:02
ඊයේ (22) ජනතා විමුක්ති පෙරමුණේ විශෂ සමුළුව ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව විකාශය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ රුපියල් ලක්ෂ 08 ගෙවීම සම්බන්ධයෙන්  විමල් වීරවංශ මහතා එම පක්ෂයට දොස් පවරා ඇත.
 
ඔහුට අනුව ජවිපෙ රුපියල්  ලක්ෂ 08 ක් තරම් 'අති විශාල' මුදලක් ගෙවීම ගැටළුවකි. එය ජවිපෙ අරමුදලින් ගෙවා දැමීමට තරම් වත්කමක් එම පක්ෂයට නැතිය. එම නිසා වීරවංශ මහතා විශ්වාස කරන්නේ එම මුදල වැ‍ය කළේ පක්ෂය විසින් නොව වෙනත් කිසිවකු විසින් ඒ ගෙවූ බවය. ඒ සම්බන්ධ තොරතුරුද ඔහු සතුව ඇති බවත් කියති. 
 
සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී වීරවංශ මහතා මේ බව පැවසීය.
 
 
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පූර්ණකාලීනයකු, දේශපාලන මණ්ඩල සභිකයකු වන වීරවංශ මහතාට ජවිපෙ අරමුදල් ගැන සෑහෙන දැනුමක් තිබේ. ජවිපෙ කියන්නේ වානිජ්‍ය ව්‍යාපාරයක් නොවන නිසා එහි වියහියදම් සියල්ල සාමාජිකයන්ගෙන් හෝ හිතවතුන්ගෙන් ලැබෙන මුල්‍යාධාර හා මන්ත්‍රී වැ‍ටුප් අරමුදලෙන් සිදුවෙයි. මෙම සමුළුවට වැය වුණේද එම සොච්චම් අරමුදල් බවට සැකයක් නැත. එසේත් නැත්නම් ඒ වෙනුවෙන් කිසිවකු හෝ බර පැන දැරුවාද විය හැකිය. එහි කිසිදු වරදක් නැත.  ඒ බව විමල් ද දන්නේය. විමල් කීවා ලෙසම මෙම සමුළුවට වැය කළේ  පක්ෂයට ලැබුණු මුදල්ය.
 
විමල්ගේ රුපියල්  ලක්ෂ 1300 ක පමණ වන මැතිවරණ ව්‍යාපාරයෙ බර පැන  පෞද්ගලික ව්‍යාපාරිකයන් දරනවා මිසක ඔහුගේ හෝ ඒ හාමිනේගේ  බැංකු ගිණුමෙන් වැය වන්නේ නැති සේම මේද එසේ සිදුවූවා විය හැකිය.  ගැටලුව තිබෙන්නේ කාගෙන් මුදල් ලබා ගත්තත් තමන් ගේ ක්‍රියාකාරිත්වය කවර දිශාවකට තල්ලුවන්නේද කියන කරුණ මතය.
 
ජවිපෙ එජාපයේ න්‍යායපත්‍රයට හෝ මේ මොහොතේ අනුගත වූවත් එයි රටට සිදුවන්නේ  යහපතක් නම් ඒ ගැන ජනතාවට  සතුටට හේතුවක් විනා එය විමල්ලාගේ තක්කඩි දේශපාලනය ගැන වන පසුතැවීමක් ලෙස වන්නේ නැත.ඒ තත්වය ‍රැක ගැනීම ජවිපෙ වගකිමකි.
 
අනෙක් වැදගත්ම කරුන නම් ජවිපෙ තම සමුළුව විකාශය කරවා ගැනීම වෙනුවෙන් ස්වාධීන රූපවහිනියට මුදල් ගෙවීමය. විමල් කියන ලෙස ජවිපෙ එජාපයේ සීනුව බවට පත්ව තිබේ නම් මෙම සමුළුව නොමිලයේ ප්‍රචාරය විය යුත්තකි. විමල්ලාගේ කාලයේදී ඒ කියන්න රාජපක්ෂවරුන්ගේ යුගයේදී මෙම නාලිකාව ඇතුළු රජයේ සියළු මාධ්‍ය  සන්ධානයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මුළුමනින්ම යොදා ගනු ලැබුවේ නොමිළයේමය. අදත් සන්ධානය මේ ණය ගෙවා නැත. ඒ තබා ප්‍රවෘත්ති විකාශනය, ටෙලි නාට්‍ය හා වෙනත් පොදු වැඩසටහන් සියල්ලම පාහේ පක්ෂයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස යොදා ගනු ලැබුවේය. 
 
මේ අනුව වීරවංශ, පරලවීම මෙයද හේතුවක් වී තිබෙන බව පැහැදිලිය.
 
 
 
 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us