subash

subash

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂුන් වහන්සේ 150 නමක් පමණ ඉදිරිපත්ව ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක මහතා කීය.

එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලට යොදා ගනිමින් විවිධ රැස්‌වීම් සහ හමුවීම් පවත්වන බව ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය යටතේ ක්‍රියාත්මක පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක ශාන් විඡේතුංග මහතා මැතිවරණ කොමසාරිස්‌වරයාට පැමිණිලි කර ඇත.

ඉදිකිරීම් නිවාස පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරද්දී විමල් වීරවංශ මහතා සිය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් දිනපොත් මුද්‍රණයට එකතුකරගත් රුපියල් ලක්ෂ එකසිය හතළිහට සහ එම අමාත්‍යාංශය යටතේ පවතින ඕෂන් වීව් සමාගම දිනපොත් මුද්‍රණයට වෙන් කළ මුදලින් ඉතිරි වූ රුපියල් ලක්ෂ එකසිය තිස්තුනක මුදලට සිදුවූයේ කුමක්ද එය කාගේ සාක්කුවකට ගියේද යන කාරණාවට පිළිතුරු ලබාදෙන ලෙසට එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා විමල් වීරවංශ මහතාට අභියෝගයක් කළේය. එම කාරණාව පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

බොහෝදෙනෙක් නිරුවත දකින්නෙ කුණුහරුපයක් ලෙසයි. නමුත් ඒ හා සමානව ලෝකයේ බොහෝදෙනෙක් නිරුවත අති  සාමාන්‍ය සරල ස්භාවික දෙයක් ලෙස දකිනවා.

මහින්ද රාජපක්ෂ පාලන කාලයට වඩා මෛත්‍රීපාල රජය බලයට පත්වීමෙන් පසු කාලය තුල මානව හිමිකම් ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුව ඇතැයි ඇමරිකානු වාර්තාවක් පෙන්වා දෙයි. ඇමරිකානු විදේශ කටයුතු අමාත්‍යංශයේ 2015 වර්ෂයේ මධ්‍යම කමිටු වාර්තාවට අනුව මානවහිමිකම් ක්ෂේත්‍රය සම්බන්ධව ඉදිරි පියවරයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාමය ක්ෂේත්‍රයේ ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක කර ඇතිබව සඳහන් වේ.

පසුගියදා නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලුටෝ වෙත සමීප උනා. ඒවගේම පළමු වතාවට ප්ලූටෝගේ සමීප ඡායාරූප ලබාගැනීමේ හැකියාවත් නාසා ආයතනයට හැකිවුණා.

දේශපාලන පක්ෂ වල අර්බුද තිබුණත්, පසුගිය මැතිවරණයේදි මෙන් ෆේස්බුක් ප්‍රෝඩාවට යට නොවී ඡන්ද භාවිත කරන්නැයි හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා පැවැසීය. ඊයේ (16දා) බදුල්ල නිදහස් පක්ෂ කාර්යාලයේ පැවැති තරුණ හමුව අමතමින් ඔහු එම අදහස් දැක්වීය.

අමෙරිකාවේ ටෙන්නේස්සේ ප‍්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි දෙකකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු එල්ල කල වෙඩි ප්‍රහාරයකින් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වී තිබේ. තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති බව කොටසක් කියද්දී පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි අවුල් සහගත මිනිසුන් පිරිසකට රට භාර දෙන්නට තරම් මේ රටේ ජනතාව මෝඩ නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවැති ජනරැලිවලදී පැවැසීය.

Connet With Us