subash
සන්ධානේ ඇතුළේ කුමන්ත්‍රණකාරයෝ ! දුමින්දට වට කරල ගහන්න, මහින්ද පාර්ශ්වය තීරණය කරයි
මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා සඳහා අත්සන් කළ අපේක්ෂකයන් අතර 'යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ'ට උදව් උපකාර කරන කණ්ඩායමක් සිටීම නිසා මහින්ද රාජපක්ෂ ඇතුළු මහින්දවාදී කණ්ඩායම මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් අවුල් සහගත තත්වයක පසුවන බව දැනගැනීමට තිබේ.
මහින්ද හදපු දකුණු ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව ගලවා දමයි
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදී අරලියගහ මන්දිරයේ ඉදිකිරීම ආරම්බ කර තිබුණ දකුණි ආසියාවේ ලොකුම සම්මන්ත්‍රණ ශාලාව(ව.මී. 3000)ගලවාගෙන ගොස් බෙන්තොට සවිකරගන්න ලෙසත් එමගින් එම සංචාරක ව්‍යාපරය කරන ජනතාවට සේවාවක් ලබා ගත හැකි බවත් ඊයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගයන්ත කරුණාතිලක මහතාට පැවැසීය.
දුෂ්ට යක්ෂයා අපේ දොරකඩටම ඇවිත් - ආචාර්ය රංග කලන්සූරිය
පුවත්පත් මණ්ඩලය නැවත ඇති කිරීමට ගිය සතියේ තීරණය කර ඇති බව සැළ වීම මාධ්‍ය ක්ෂේත්‍රය විමතියෙන් කළඹවාලීය. යහපාලන ආණ්ඩුව මෙසේ ආපස්සට යාම, මේ දිනවල අප අත්දකින තවත් බොහෝ පිලී පැනීම්වලින් තවත් එකක් විය හැකිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වුණේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ අදාළ ආයතන වඩාත් ශක්තිමත් කිරීමෙන් මාධ්‍ය නිදහස ස්ථාපිත කිරීමටයි. එහෙත් අද අප දකින්නේ එදා ඔහු වේදිකාවේ දුන් ප්‍රතිඥාවට ඉඳුරා පටහැනි තත්වයකි.
යහපාලනය සඳහා වන එකසත් ජාතික පෙරමුණ'' පිහිටුවීම වෙනුවෙන් මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂය හා හ අනෙක් පාර්ශ්වකරුවන් අරලියගහ මන්දිරයේදී අත්සන් තබන ලදි .
මෛත්‍රී මහින්ද හවුලත් සමඟ මෙවර මහ මැතිවරණයේදී වැඩි වාසියත් අත්පත් කර ගත හැකි බවට ගනන් බැලූ ශ්‍රීලනිප නායකයන් මේවන විට මහත් අර්බූදයකට ලක්ව සිටී.
ශ්‍රීලනිප කටාන ආසනයේ සංවිධායිකා, ගම්පහ දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍රයට මෙතෙක් අත්සන් තබා නොමැත.
'මව්බිම පත්තරේ ලක්ෂ්මීට සජිත් කැත වැඩක් කරලා' යනුවෙන් අප වෙබ් අඩවියේ ඊයේ(10) පළ වූ පුවත සම්බන්ධයෙන් දුර්කථන ඇමතුමක් දෙමින් කරුණු දැක්වූ ලක්ෂ්මී ජයකොඩි මෙනවිය එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බවත් එහි සඳහන් එකදු සිදුවීමක් හෝ සිදු නොවූ බවත් සඳහන් කරන්නීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත.
මේ වසරේ මුල් කාර්තුවේදී රුපියල් කෝටි 68,000ක දැවැන්ත ණය මුදල් ප‍්‍රමාණයක් ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහබාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දැන ගැනීමට තිබේ.
