subash

subash

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ දේශපාලන ගනුදෙනුවකට යාම නිස බැසිල් රාජපක්ෂ මහතා මේවන විට සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්නයෙන්ම අතහැර දමා තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළොම්පුර සිට ඓතිහාසික සෙංකඩගල ‍රාජධානියට පැයකින් ළඟාවිය හැකිසේ තැනෙන “කොළඹ - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයට” මුල්ගල තැබීම අද (03) උදේ 9.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩවත දී සිදුකැරේ. කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක කොටස ඉදිකිරීමට අද මුල්ගල තැබේ.

ඉතිහාසයේ අතිශය සාමකාමී හා නිහඬ මැතිවරණයක් ලෙස මෙවර මහ මැතිවරණය හැඳින්විය හැකි වූවද මේවන විට මැතිවරණයේ උණුසුම දැඩිවන්නට පටන් ගෙන තිබේ. පෝස්ටර්, කටවුට් ආසන කාර්යාල හා ‍රැස්වීම් ආදියෙහි කැපි පෙනෙන අඩුවක් දිවයින පුරාම දකින්නට නොලැබෙන තත්වයක් තුල මේවර ඡන්ද දායකයට තරම්ක් නිදහසේ වරක් දෙවරක් කල්පනා කර තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් අපේක්ෂාවෙන් සිටින අතුරලියේ රතන හිමි මැතිවරණයට සතියක් පමණ තිබියදී යළි සන්ධානය හා එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ.

කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ප්‍රචාරක ‍රැළියට භික්ෂූන් වහන්සේ 3000 ගෙන්වා අමුතු සංදර්ශනයක් පැවැත්වීම සඳහා සූදානම් වන බව වාර්තාවේ

මෙරට ඉන්ධන මිළ ඉදිරි මාස තුන තුලදී යළි අඩු කළහැකි වනු ඇතැයි විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.

මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන සුරංගනා කතා පොතක් බඳු මැතිවරණ පොරොන්දු ඉ‍ටුකිරීම සඳහා පළමු දින 30 ට පමණක් රුපියල් බිලියන 400 ඉක්මවා යන මුදලක් අවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බව රාජපක්ෂ පවුලේ අරංචි මාර්ග සඳහන් කරයි.

Connet With Us