නිරූපමාගේ සහය නැවතත් මෛත්‍රීට

Published in පුවත්
Thursday, 16 July 2015 00:36

මුල්කිරිගල ආසනයේ ප්‍රධාන සංවිධායකවරිය ලෙස මහින්ද රාජපක්ෂගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියට නැවත ප්‍රදාන කිරීම මඟින් මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ පවුල තුලද අර්බූදයක් ඇති කිරීමට සමත්ව තිබේ.මහින්ද රාජපක්ෂ, නිරූපමාට හම්බන්තොට දේශපාලනය කිරීම තමන්ගේ සීමාවට යටත් කොට තිබිණි.මේ නිසා ඇය මහින්ද රජපක්ෂ බාපොච්චා සමඟ සිටියේ දැඩි කලකිරීමකිණි.

මේ නිසා පසුගිය ජනාධිපතිවරණයේදීද නිරූපමා රාජපක්ෂ මහත්මිය කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂවය. ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේදී සිරිසේන මහතාගේ වේදිකාවට ගොඩ වීමේ සූදානමකද ඇය පසුවිය. ඇගේ සැමියාවන ව්‍යාපාරික තිරූ නඩේෂන් රාජපක්ෂ පාලනයෙන් ලාබ ප්‍රයෝජන ගැනීමට තරම් දක්ෂ වූවද එම රෙජීමය පවත්වාගෙන යාමට සහය නොදුන්නේය. ජනාධිපතිවරන සමයේදි සන්ධාන මන්ත්‍රීවරු විපක්ෂයට එක්වීම වැලැක්වීම වෙනුවෙන් සල්ලි ගෝනි ගනනින් ලබා දී ඔවුන් වැලැක්වූයේද නඩේෂන් මඟිනි. එහෙත් නඩේෂන් එම මන්ත්‍රීවරු සමඟ කියා තිබුණේ සල්ලි ගත්තාට කමක් නැත, රාජපක්ෂ දිනුවොත් හැමෝම අමාරුවේ වැටෙන බවය.

කෙසේ නමුත් සාම්ප්‍රදයිකව රාජපක්ෂ පවුලේ පවතින විරසකයක් වන ඩී ඒ රාජපක්ෂ පවුල හා ඩී එම් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර වන ආරවුල නිසා මහින්ද රාජපක්ෂ ඩී එම් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ව නොසලකා හැරියේය. විශේෂයෙන්ම දේශපාලනයේදී ඒ වෙනස්කම කැපී පෙනිනි. ඒ අනුව ජෝර්ජ් රාජපක්ෂගේ දියණියක වන නිරුපමාට නොසලකා හැරීම දිගින් දිගටම සිදු විය.

 1983 පැවැති අතුරු මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලනිප අපේක්ෂිකාව වූ නිරූපමා එරෙහිව එජාප වේදීකාවට වී අවලාද මඩ ප්‍රහාරයන් එල්ල කළේය. නිරූපමා ඉන් පරාජයට පත් විය. 1985 අතුරු මැතිවරණයෙදී මුල්කිරිගල ආසනය චමල් රාජපක්ෂ විසින් ඩැහැ ගත්තේ නිරූපමාව එලෙස එලවා දමාය. 

මේ විරසකයට හේතුව ඩී එම් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් උගතුන් වීමත් ඩී ඒ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැටි මොල්ලු වීමත්ය. ඉරිසියාව පදනම් කරගෙන පැමිණි මේ විරසකය අදටත් එසේම පවතින අතර මහින්ද රාජපක්ෂ පවුලේ උදවිය රාජපක්ෂ මහ පවුල තුල හැඳින්වෙන්නේ මැටි මොල්ලු ලෙසය. එම පුතුන් තිදෙනාගේ අධ්‍යාපන සහතික, උපාධි සහතික හැහුණේ කෙසේ දැයි මේ පවුලේ සාමාජිකයන්ට රහසක් නොවේ. ඒ තබා මහින්ද රාජපක්ෂ සාමානය පෙල සමත් වූයේ කෙසේද නීති විභාගය සමත් වුයේ කෙසේද යන්නද මේ පවුලේ උදවිය හොඳි දනී.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා  තවත් නව ආසන සංවිධායකවරු 03 දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

ඒ අනුව  පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස වික්ටර් ඇන්තනී පෙරේරා මහතා ද, කැළණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත්තේ තිලක් වරාගොඩ මහතාද පත් කර තිබේ.

බුලත්සිංහල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් කෙරුණු ආර්.පී. තුසිත කුලරත්න මහතාද අද ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

මේ අතර උතුරු මැද පළාත් සභා මන්ත්‍රී එම්. හේරත් බණ්ඩා මහතා හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයා ලෙසද, රොහාන් ජයකොඩි මහතා කැකිරාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙසද පත් කෙරුණු අතර ඔවුන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

 

Last modified on Thursday, 16 July 2015 00:52

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us