subash
මේ වන විට සිදුවෙමින් පවතින දේශපාලන විපර්යාස මධ්‍යයේ වඩාත අර්බූදයට ලක්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබේ.
මහින්දට අගමැති සටනට එන්නැයි අභියෝග කරනවා - අගමැති රනිල්
හැකිනම් තමන් සමග අගමැති සටනට එන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) දඹුල්ලේ පැවැති ජන හමුවකදී පැවසීය.
ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සහාය ලබා ගැනීමට වාමාංශික පක්‍ෂ හා සුළු පක්‍ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවක් අද (29 වැනිදා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර මැතිවරණය ජාතිවාදීන්ට දූෂිතයන්ට වංචාකරුවන්ට අපරාධකරුවන්ට තියුණු පරාජයක් අත් කර දෙන තීරණාත්මක මැතිවරණයක් බවට පත් කර ගත යුතුය. මෙරට මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදාය ආරම්බ කළ දින සිට එම ක්‍රමය බරපතලම අර්බූදයකට ලක් වූයේ පසුගිය රාජපක්ෂ පාලන සමය තුලය. දූෂිතයන්, වංචාකරුවන්, ජාතිවාදීන් පෙර යුගයේ සිටියා නමුත් මෙතරම් කලකණ්නි යුගයක් ඉතිහාසයේ තිබුණේ නැත.
මෙවර අපොස උසස්පෙළ විභාගය පැවැත්වීමට නියමිත කාලයෙහි මහ මැතිවරණය කැඳවීම නිසා එම සිසුන්ට බරපතල අසාධාරණයක් වන බව ගුරුවරුන් හා මාපියන් පවසා සිටිති.
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයැවීම සඳහා පළාත් පාලන, යහපාලන හා බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පත්කළ බව එජාප මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටී.
ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්‌ෂයේ මංගල සමුළුව අද 27 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.
පරිගණක හැක්කර බැංකුවලින් මිලියන් දහස් ගනනක සල්ලි ඇදලා ! කොල්ලකරුවන් මලයාසියාවේ
ලංකා බැංකුවේ හා තවත් පෞද්ගලික බැංකු දෙකක ගිණුම් හිමියන් කිහිප දෙනෙකුගේ ගිණුම් වලින් රුපියල් මිලියන දහස් ගනනක් වෙනත් ගිණුම්වලට මාරුකරමින් පරිගණක හරහා සිදු කළ දැවැන්ත බැංකු කොල්ලයක තොරතුරු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.
ජනාධිපති සිරිසේන අනුගමනය කරමින් සිටින්නේ සිවුරු න්‍යාය පත්‍රයක්ද? - හිල්මි අහමඞ්
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එහි වර්තමාන ස්වරූපයෙන් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා තුළ ඇති දැඩි අධිෂ්ඨානය සුළු පක්ෂ සහ සුළු ජාතික පක්ෂ විස්සකට වැඩි සංඛ්‍යාවක් දකින්නේ, ඔවුන්ව පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ගන්නා නිහීන ප්‍රයත්නයක් වශයෙනි.
