මැතිවරණය අගෝස්තු 17 සෙනසුරාදා දිනයේදී පැවැත්වෙන අතර උසස්පෙළ විභාගය අගෝස්තු 4 වන දින හෝ 6 වන දිනවල ආරම්භ කිරීමට නියමිතය.
විශේෂයෙන්ම විහගය පැවැත්වෙන දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වීමත් ඡන්ද මධ්‍යස්ථාන ලෙස පාසල් යොදා ගැනීමත් හේතුවෙන් විභාගය පැවැත්වීමත් අවිනිශ්චිතව ඇත.
මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේදී මෙම විභාගය පිළිබඳ අවධානය යොමු නොකර කටයුතු කර ඇති බව පැහැදිලිය. මේ අනුව විභාගය පැවැත්වීම කල් දැමීමට වැඩි සම්භාවිතාවක් ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එහෙතේ ඉතා අසීරු තීරණයක් වනු ඇති බවත් පැවැසේ.