එජාපය ජයග්‍රහණය කරවීමේ වගකීම කරූට

Published in පුවත්
Saturday, 27 June 2015 08:22

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සටන මෙහෙයැවීම සඳහා පළාත් පාලන, යහපාලන හා බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මහතා පත්කළ බව එජාප මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටී.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ දයා පැල්පොල මහතා ද මෙම කමිටුවේ සාමාජිකත්වය දරයි.

ඊයේ රාත්‍රී (26) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.

රාජපක්ෂ රෙජීමයේ නායයෑම ආරම්භ කළ පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවැත්වූ ඌව පළාත් සභා මැතිවරණයේ මැතිවරණ යාන්ත්‍රණය ද භාරව සිටියේ ද අමාත්‍ය කරු ජයසූරිය මහතාය.

ඒ අනුව මැතිවරණ කටයුතු සඳහා පූර්ණකාලීනව මැදිහත් වියයුතු හෙයින්, කරු ජයසූරිය මහතා මෙවර ජාතික ලැයිස්තුවෙන් ඉදිරි පාර්ලිමේන්තුව සඳහා නම්කරනු ඇති බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.


srilankamirror

Last modified on Saturday, 27 June 2015 08:50

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us