මහින්ද; මඟ හිටියොත් ‍තෝ නසී.. ගෙදර ගියොත් අඹු නසී.

Published in පුවත්
Tuesday, 30 June 2015 22:23

මේ වන විට සිදුවෙමින් පවතින දේශපාලන විපර්යාස මධ්‍යයේ වඩාත අර්බූදයට ලක්ව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසි ලෙසකින්වත් හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා නොදීමට ගෙන ඇති තීරණයත් සමඟ මහින්ද රාජපක්ෂ හා මහින්ද වාදී කන්ඩායම බරපතල අසරණ තත්වයකට පත්ව තිබේ. මේවන විට ඔවුන් වෙනම කන්ඩායකම්ක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වූවද එය ඉතා අනතුරු දායක තීරණයක් බව එම කන්ඩයම තුලින්ම මතයක් පලවී ඇත.

වෙනම ඉලීමට මහින්ද වාදීන් සූදානම වුවද පසු ගිය දිනවල 'මහින්ද සමඟ නැගිටිමු' යනුවෙන් ගෙන ගිය ව්‍යාපාරයට සම්බන්ධ වූ ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු බහුතරයක් මහින්ද සමඟ මැතිවරණය ඉදිරිපත් වීම අත් හැර දැමීම මෙයට හේතුව වී ඇත. ඔවුන් මේ වන විටත් ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ඉල්ලා ඇති එම පිරිසේ මතය වී ඇත්තේ කිසිසේත්ම ශ්‍රී ලනීපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වන තීරණයක් ගත නොහැකි බවය. ඔවුන් පසුගිය කාලයේ උත්සහ කළේ මහින්ද රාජපකගේ සහය ශ්‍රී ලනීපයට ලබා ගැනීමට පමණක් බවත් ඒ සිදු නොවේ නම් දූෂිතයන් අපරාධකරුවන් වංචකරුවන් ජාතිවාදින් හා දේශපාලන අනාතයන් සමඟ මැතිවරණයට තරඟ කර පරාජයට පත් විය නොහැකි බවත් ඔවුන් අවධාරණය කර තිබේ.

ඉන් බොහෝ දෙනෙකු ශ්‍රි ලනීපයෙන් නාම යෝජනා නොලැබේ නම් තාවකාලිකව දෙශපාලනයෙන් සමු ගැනීම වඩා නිවැරදි තීරණයක් බව මහින්ද රාජපක්ෂට පවසා ඇත. මේ මතය මහින්ද රාජපක්ෂ මහතාද පිලිගෙන ඇති මුත් මහින්ද වාදීන් ලෙස පෙනී සිටින විමල් වීරවංශ ඩලස් අලහප්පෙරුම උදය ගම්මන්පිල ආදීන්ගේ බලපෑම මත නිශ්චිත තීන්දුවක් ගත නොහැකිව සිටී.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලනීපයට සහය දැක්වීමට තීරණය කර ඒ සමඟ මැතිවරණය ඉදිරිපත් වීමත් යළි ශ්‍රී ලනිපය දෙකඩ වීමට හේතුවක් වන ලකුණු පහළ වී තිබේ. මන්ද ඊට එරෙහිව ශ්‍රී ලනිපයේ විශාල මන්ත්‍රීවරු පිරිසක් හා සිරිසේන මහතාට සහය දක්වන වෙනත් පක්ෂ කොටස්වලත් සුළු ජාතික කොටස්වලත් විරෝධය එල්ලවීමය.

මේ තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා කවර තීරණයක් ගත්තත් ඒ ඔහුගේ දේශපාලනය ජිවිතයේ බරපතල පරාජයක් සනි‍ටුහන් කිරීම සිදු වනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

කෙසේ නමුත් හෙට දිනයේදී මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවක් ගැනීම අනිවාර්ය වී ඇත.

Last modified on Tuesday, 30 June 2015 22:37

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us