ආබාධිත සෙබළුන්ට වෙන්කළ මුදල් වලිනුත් රාජපක්ෂලා විනෝද වෙලා

Published in පුවත්
Tuesday, 30 June 2015 15:35

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හමුදාවට වෙන් කළ මුදල් පවා රාජපක්ෂ පවුල විනෝදය සදහා භාවිතා කර ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති හෙළිරදරව්ව මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රාජපක්ෂ පුතුන් කොළඹදීත්,මහනුවර දළදා මාළිගාව වටේත් රේස් පැදීමට ආබාධිත සෙබළුන් වෙනුවෙන් වෙන්කළ මුදල් යොදා ගෙන ඇති බවත් අද බොරුවට හමුදාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙළන බව ඔහු පැවසුවේය.

පාරිෙභා්ගික කටයුතු අමාත්‍යාංශය යටතේ අැති මාක්ෆෙඩ් අායතනය රාජපක්ෂ පවුලේ සුභ සාධනය වෙනුවෙන් රුපියල් බිලියන 06 ක වංචාවක් සිදු කර අැති බවත් පාරිභෝගික අමාත්‍යාංශය යටතට ගැනෙන සතොස අායතනය සහල් අානයනය කිරීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර නැති බවත් කියා සිටියේය. මෙසේ අවිධිමත් ලෙස සිදු කළ ගනුදෙනුවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 45කි. මේ ගනුදෙනු මගින් රුපියල් කෝටි 200ක් වංචා කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව මන්ත්‍රීවරයා පැවසුවේය.

ක‍්‍රීඩා අමාත්‍යාංශය,සතොස ආයතනය හරහා රුපියල් ලක්ෂ 390 ක් වටිනා කැරම් බෝඩ් ඇනවුම් කර ඇතත් ඒ සදහා අත්තිකාරම් මුදලක් ගෙවා නැති බවත් එසේ තිබියදීද සතොස ආයතනය භාණ්ඩ නිකුත් කර ඇති අතර මෙහි විශ්මයට කරුණ වන්නේ ක‍්‍රීඩා අමාත්‍යාංශය ඇනවුම් කළ කැරම් බෝඩ් වලින් කොටසක් පමණක් අමාත්‍යාංශය වෙත ලබාදී අනික් කොටස පුෂ්පා රාජපක්ෂ මහතිමියට ලබා දීම බව මන්ත‍්‍රීවරයා පැවසුවේය.

මෙම වංචාව පසුපස හිටපු ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිටින බවත් රාජපක්ෂ පවුලට සැලකීම සදහා අමාත්‍යංශයේ මුදල් යොදා ගත් අවස්ථා ගණනාවක් පිළිබද තොරතුරු ලැබෙමින් පවතින බවත් කීවේය.

අමාත්‍යාංශය මගින් ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගැනීමේදී චක‍්‍ර ලේක වලට පිටින් කටයුතු කර පවුලේ හිතවත් ආයතන වලට ලබා දී ඇති බවත් රජයේ චක‍්‍රලේක අංක අනුව විශේෂ අවස්ථාවන්හි හැර ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ලබා ගත යුත්තේ බීඔ්සී ට‍්‍රැවල්ස් හෝ පීපල්ස් ට‍්‍රැවල්ස් යන ආයතන වලින් පමණි.

රාජපක්ෂලාගේ මෙම දූෂණ වංචා පිළිබදව පොළිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි කර ඇති බව හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us