දුමින්ද කලා වැවට යට වේ

Published in පුවත්
Friday, 10 July 2015 17:23

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.

මීට පෙර කලා වැව ආසනයේ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධාකවරයා වූයේ දුමින්ද දිසානායක මහතාගේ පියා වූ දිවංගත අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාය.

ඔහුගේ අභාවයෙන් දින කිහිපයකට පසුව එම සංවිධායක ධූරය හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍ර සේන මහතාට ලබා දීමෙන් පසුව හිත් අමනාපකම් සාදා ගත් දුමින්ද දිසානායක මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.

උතුරුමැද ප්‍රධාන අමාත්‍ය ධුරය බර්ටි ප්‍රේමලාල් ට නොදී අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේනගේ සොයුරාට දීම සම්බන්ධව එවකට යම් ආරවුල් කාරී තත්වයක් පැනනැඟී තිබුණු අතර, බර්ටි ප්‍රේමලාල් මහතාගේ අභාවයෙන් පසුව කළකිරීමෙන් සිටි දුමින්ද දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ජනාධිපතිවරනය උදෙසා එක්සත් ජතනා නිදහස් සන්ධානයෙන් පිටතට පැමිණි පළමු පිරිසට එක් විය.

පසුගිය පැය කිහිපය තුළ සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කණ්ඩායම තුළ දුමින්ද දිසානායක මහතාද සිටිය අතර ඔහුව වළකාලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම තීරණය ගෙන ඇත.

ඒ දුමින්ද දිසානායක ඇතිකිරීමට යන නව සන්ධානය සමග එක් වූවහොත් ඒත් සමහ විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි වී යා හැකි නිසාය.

Last modified on Friday, 10 July 2015 17:42

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us