සිරි දළදා කැක්කුම

Published in පුවත්
Monday, 13 July 2015 15:59

මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස දිස්ත්‍රික්ක කිහිපයකින් ම ඇරයුම් ලැබුණත් තමන් ඉන් කුරුණෑගල දිස්ත්‍රික්කය ම තෝරා ගැනීමට හේතුව දළදා වහන්සේ වැඩ විසූ ඓතිහාසික රාජධානි 4ක් කුරුණෑගල පිහිටා තිබීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඒ, හම්බන්තොට - මීවනපෙල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි. හිටපු ජනාධිපතිවරයාගේ හදිසියේ පහළ වූ දළදා කැක්කුම පිළිබඳව අපට අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබේ.

1. දළදා වහන්සේ ප්‍රධාන හේතුවක් වී නම් දැනට දළදා වහන්සේ වැඩ වාසය කරනා මහනුවර දිස්ත්‍රික්කය තෝරා නොගත්තේ ඇයි ?

2. දළදා වහන්සේගේ භාරකරුවන් වන මල්වතු අස්ගිරි දෙපාර්ශ්වයේ මහනායක හිමිවරුන් සරත් ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා කළ ඒකාබද්ධ ඉල්ලීම නොසලකා ම ප්‍රතික්ෂේප කළේ සහ උන්වහන්සේලාගේ මූලිකත්වයෙන් දළදා මාළිගාව ඉදිරිපිට ඇරඹීමට ගිය සත්‍යග්‍රහ ව්‍යාපාරය මරනීය තර්ජන කර නැවැත්වීමට බලපෑම් කළේ ඇයි ?


3. තමුන් ජනාධිපති ධූරයේ සිටි කාලය තුළ දළදා වහන්සේගේ ගිහි භාරකරුවා ලෙස සැලකෙන දියවඩන නිළමේ වරයාට එරෙහිව නොයෙකුත් මූල්‍ය වංචා චෝදනා තිබියදී ඊට කිසිදු පියවරක් නොගත්තේ ඇයි ?

4. දළදා වහන්සේට ඔපමණ ගරු කරන්නේ නම් දැනට වසා ඇති මාර්ගය විවෘත කර දළදා මාළිගාව ඉදිරිපිට වැවරවුම දෙදරවමින් කාර් රේස් පදින්නට තම පුතුන්ට අවසර දුන්නේ ඇයි ?

තමන්ගේ හා තම ආරක්ෂක ලේකම් සොයුරාගේ කෙරුවාව මත සුළුජාතික ඡන්ද තමාට නොලැබෙනා බව දන්නා මහින්ද කුරුණෑගලට පනින්නේ සිංහල බෞද්ධ ඡන්ද විශාල ප්‍රමාණයක් එකතු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් බව අපි කළින් සඳහන් කළෙමු. මහින්ද මේ අරඹා ඇත්තේ එයයි.

දළදාව මතක් කර ඔහු බෞද්ධයාගේ පපුවට තට්ටු කරයි. ආරක්ෂක අංශ වලට සම්බන්ධ පවුල්ද විශාල වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිටිනා බැවින් ඔහු තම ආරක්ෂාව සම්බන්ධ ගැටළු පිළිබඳ ලිපියක්ද පොලිස්පති වරයාට යවයි. මේ පුවත් දෙකම එක් පුවතක් ලෙස ඔහුට හිතවත් වෙබ් මාධ්‍යයක පළකෙරෙයි.

මහින්දගේ ඡන්ද ගුණ්ඩු ආරම්භ වී ඇත. මේ හදිසි දළදා භක්තිය ඒකට ය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us