එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ වන එක්සත් යහපාලන පෙරමුණ, එකසත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, ජනසෙත පෙරමුණ ,බොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 22ක් හා ස්වාධීන කණ්ඩායම් 16ක් නාමයෝජනා ලබාදුන්නේය.
දීප්ති කුමර ගුණරත්න මහතාගේ නායකත්වය යටතේවන ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයත්, බොදු බල සේනා සංවිධානය මැදිහත් වී පිහිටුවන ලද බොදු ජන පෙරමුණත් මැතිවරණයකට ඉදිරිපත් වන්නේ පළමු වතාවටය.